නොබැඳි යනුවෙන් දේශපාලනිකව හා ආචාරධාර්මිකව අදහස් කරන්නේ කුමක්ද යන්න මේ අවස්ථාවේ අපි පැහැදිලි කර ගත යුතුයි. එහි අදහස කිසිසේත්ම මධ්‍යස්ථතාවය නෙමෙයි. ඇතන්ස් ප්‍රකාශනයේ අප සඳහන් කල ලෙසට, අප පැහැදිලිවම ආක්‍රමණයට ලක්වූ අයගේ, ආක්‍රමණයේ වින්දිතයාගේ පැත්ත ගන්නවා. මධ්‍යස්ථතාවයක් අපට එතැන දී අදාල නැහැ. එය පලස්තීනය, යේමනය, බටහිර සහරාව සහ ඔවු, යුක්‍රේනය විය හැකියි. එහෙත් ඒ වගේම, ලෝකයේ කොතැනක සිදුවූවත්, මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝණය වන විට, අප තමයි එය විවේචනය කිරීමේ ඉදිරියෙන්ම සිටිය යුත්තේ. අපගේ නව නොබැඳි ව්‍යාපාරය ඊනියා ලිබරල්වාදීන් හා ලිබටේරියන්වාදීන් අත තිබෙන නිදහස පිලිබඳ සටන් පාඨය උදුරා ගත යුතුයි ; අපගේ සහෝදරවරුන් වෙඩි තබා ඝාතනය කෙරෙන පෙරු දේශයේ සිට, ‘ස්ත්‍රිය-ජීවිතය-නිදහස' යන සටන් පාඨය ඔස්සේ නිර්භීත පිරිමින්ව මෙහෙයවමින් සිටින ඉරානයේ නිර්භීත ගැහැණුන් දක්වා සියලු දෙනාට අපගේ සහයෝගය ලබා දිය යුතු වේ. ඒත්, ඔබ කියාවි. ඉරාන ආණ්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රතිරෝධය දක්වනවා නොවේද? පැහැදිලිවම. එහෙත්, ආණ්ඩුවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ගැටුමක සිටි පමණින්, එම රටේ ජීවත් වන අපගේ සහෝදරවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බලපත්‍රයක් ලැබෙන බව අදහස් වෙන්නෙ නැහැ.
Read More2023 ජනවාරි මස ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ සම්මේලනය' නමින් අන්තර්ජාතික සම්මේලනයක් කියුබාවේ හවානා නුවර පැවැත්විණ. මීට විවිධ රටවල් නියෝජනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහභාගී වූහ. පහත පලවන්නේ එම සම්මේලනය අමතා, ග්‍රීසියේ හිටපු මුදල් ඇමති, යානිස් වරුෆාකිස් කල කථාවේ සිංහල පරිවර්තනයයි. ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' (New international economic order) යනු 1960 ගණන්වල නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් මතු කල සටන් පාඨයකි. අන්තර්ජාතික ආර්ථිකය ගෝලීය උතුරට වාසිදායක ලෙස ව්‍යුහගත වී තිබෙන බවට තර්ක කල අලුත නිදහස් වූ රටවල්, එහි පරිවර්තනයක් ඉල්ලා සිටියහ. 1974 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' සම්බන්ධ ප්‍රකාශනය සම්මත කලාය. කෙසේ වුවද, 1980 ගණන්වල මතු වූ නව ලිබරල් ගෝලීයකරණය අබියස මෙම ව්‍යායාමය පරාජය ලැබුවේය. ගෝලීය දකුණේ රටවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙසට ලෝක ආර්ථිකය වෙනස් විය යුතු බවට වූ සාකච්ඡාව පසුගිය කාලය තුල යලිත් අලුත් වටයකින් මතු වී තිබේ. හවානා නුවර පැවැති සමුලුව මෙම ව්‍යායාමයේ එක් වැදගත් අවස්ථාවකි.
Read Moreශ්‍රී ලංකාව එහි "නිදහසෙහි" සිට ම මුහුණ පෑ දරුණුම ආර්ථික අර්බුදයට දැන් ලක් වී සිටියි. මෙරට පාර්ලිමේන්තු දේශපාලනය ද අර්බුදයකට ඇද දමමින් රටේ ආර්ථික අර්බුදය දේශපාලන අවකාශයට පිටාර ගලා ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පතුරු ගැලවී ඇත. ඉදිරියටත් එසේ වන බව පෙනෙන්නටද ඇත. මේ දේශපාලන කට්ටි ගැසීම් ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිණිස දරන හිස ගිනි ගත් වෑයමකි. එහෙත් ඒ දේශපාලන ආස්ථාන, මෙහි පවතින ආර්ථික අර්බුදයේ නාඩියට අනුකූල නොවේ. අප ඉදිරියෙහි ඇති චංචල දේශපාලන වාතාවරණයට හසුව මේ තදියම්කාර දේශපාලන සම්මුති අතු ගෑවී යනු ඇත. තවද, ඉබේ එළැවෙතැයි සිතන කෙටි කාලීන දේශපාලනය ඉදිරියෙහිදී යල් පනිනු ඇත. ඊට හේතු දෙකක් වෙයි. එක් අතෙකින්, අප රටෙහි දැන් ඇති ආර්ථික අර්බුදය කෙළි සෙල්ලමට නොගෙන ඊට මැදිහත් වීමේ පිළිවෙතක් වුවමනාය. දෙවනුව සැළැකිය යුත්තේ ලෝක ආර්ථිකය නව ප්‍රගතිශීලී සුසමාදර්ශ වෙනසකට එළැඹෙමින් ඇති බවයි.
Read Moreලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ බරපතල ලෙස අර්බුදයට ලක්ව සිටින පක්ෂයක් වන්නේ ප්‍රධාන නිල විපක්ෂය වන සමගි ජන බලවේගයයි. බොහෝ විචාරකයන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ පා සිටින අර්බුදය පිලිබඳ අදහස් දැක්වූවත්, සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය පිලිබඳ වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එලියට පෙනෙන කඩු හරඹ එතරම් සුලභ නොවූවද, අපට අනුව, මෙම දේශපාලන සංධිස්ථානයේ දී වඩාත්ම බලගතු උභතෝකෝටිකයට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුනාගත හැකිය.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මෙම මූල්‍ය ධනපති කොටස් විරෝධය පල කල විට ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුව එම විරෝධය පිලි ගත්තේය. ඒ අනුව මූල්‍ය ධනපති පන්තියට කිසිදු අත තැබීමක් සිදු නොකොට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර සේවක අර්ථ සාධක අරමුදල මත ; එනම් මෙරට වැඩ කරන ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කලේය.
Read Moreලංකාවේ පවතින දේශපාලන යථාර්තයන්ගේ සන්දර්භය තුල ජනතා අරගලය ඔස්සේ පාර්ලිමේන්තුවෙන්-පිටත දේශපාලනය සංවිධානය කිරීම හා එම පදනම මත ආයතනික ක්ෂේත්‍රයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කිරීම යනු තාර්කික සිතීමකි. විශේෂයෙන්ම, මැතිවරණය හරහා බලය ගැනීමේ සම්භාවිතාවයක් පවතී නම්, එය ඉවත දැමීමෙහි කිසිදු හේතුවක් නොමැත.
Read More