මෙම ලිපියේ අරමුණ අපගේ ද මහත් ගෞරවයට ලක්වන, මෙරට වාමාංශික ව්‍යාපාරයේ පැරණිතම සාමාජිකයෙක් වන වසන්ත දිසනායක සහෝදරයාගේ මූලිකත්වයෙන් යුක්ත විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය විසින් ප්‍රකාශිත ‘එල්ලය’ නම් වූ බ්ලොග් අඩවියේ, ජවිපෙ නායක අනුර දිසානායක පසුගිය දවසක ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැති රැස්වීමක, බලය ගැනීම සම්බන්ධව කල ප්‍රකාශය සම්බන්ධව පල වූ විවේචනය සම්බන්ධව අපගේ විචාරය ඉදිරිපත් කිරීමය. අප මූලික වශයෙන් එකග නොවන්නා වූ නමුදු, එම කේන්ද්‍රයේ මෙම මැදිහත්වීම අපි අතිශය අගය කොට සලකමු. මෙරට වාමාංශය තුල දක්නට ලැබෙන විශාලතම ප්‍රශ්නයක් නම්, විධිමත් ප්‍රශ්න සම්බන්ධ විධිමත් සාකච්ඡාවක නොපැවැත්මය. වාමාංශික පක්ෂවලට අයත් අය ද, ඒවාට අයත් නොවන අය ද මෙම ෆේස්බුක් යුගය තුල පුරුදුම සිටින්නේ කෙටි ස්ටේටස් මගින් නිගමන දීමටය. ඒ නිගමන සමග සම්බන්ධ වූ කිසිදු විග්‍රහයක් නැත. විශ්ලේෂණයක් ද නැත. බොහෝ විට, මේ කෙටි නිගමන මඩ ගැසීම්වල ස්වරූපය දරයි. ඊට ප්‍රතිපක්ෂව, වසන්ත දිසානායක සහෝදරයා ඇතුලු පිරිස කල මැදිහත්වීම වාමාංශය තුල සාකච්ඡාවක් ගොඩනැගීම සම්බන්ධව බොහොම සාධනීය මැදිහත්වීමක් ලෙස භාර ගත යුතු බවයි අපගේ අදහස.
පර්ත් ප්‍රකාශය
වසන්ත දිසානායක ඇතුලු විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රෙයේ විවේචනයට පාත්‍ර වන, පර්ත් හි අනුර දිසානායක කල ප්‍රකාශය මෙසේය : හේ එම ප්‍රකාශය කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එකතු නොවන්නේ ඇයිදැ‘යි ප්‍රේක්ෂකයෙක් කල ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙනි.
“…අපි තෝරාගෙන තිබෙන පාර මොකක් ද? අප තෝරා ගෙන තිබෙන පාර අරගල, සටන් හරහා ආණ්ඩුවට බලපෑම. දැනට අපි තෝරා ගෙන තියෙන්නේ මැතිවරණ හරහා බලය පිහිටුවීම. ඒක තමයි තියෙන යථාර්ථය. මේ මොහොතේ තියෙන යථාර්ථය. ඉදිරියේ දී ඇති වෙන වෙනස්වීම් එක්ක ඒක වෙනස් වෙයි ද දන්නේ නැහැ. [අවධාරණය අපගේය]. නමුත් අපි තෝරාගෙන තියෙන පාර ඔික….අපි උපාය උපක්‍රම, සැලසුම් ඔක්කොම හදන්නේ මේකට.
තියෙන සම්ප්‍රදායික බලය නිෂේධනය කරලා අලුත් බලයක් ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කොහොම ද? ඒක සංකීර්ණ කතාවක්. ලෝකයේ ගොඩක් තැන්වල ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරලා තියෙන්නේ සන්නද්ධ ව්‍යාපාරය හරහා. අපි එතැන නැහැ…. ඒ බලය ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ ජනතාවගේ ජනවරමක් හරහා. ජනතාව ජනවරමකින් දෙනවා ඒ හමුදාවට නියෝග දීමේ බලය…ඒ පොලීසියට නියෝග දීමේ බලය. ඔික තමයි අපි හිතන්නේ දැනට බලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ආකාරය කියලා.”
මේ අවස්ථාවේ අනුර දිසානායක ප්‍රකාශ කරන්නේ, එම පක්ෂය ඊට පෙර ද ප්‍රකාශ කොට තිබෙන මූලධර්මයකි. ඔහු විසින් ප්‍රකාශිත මූලධර්මය මෙබඳුය : පවතින තතු යටතේ, ජාතික ජන බලවේගයේ මූලික එල්ලය වන්නේ පාර්ලිමේන්තුවෙන්-පිටත ක්‍රියාමාර්ග (ජනයා සංවිධානය කිරීම, කොට්ටාශ සභා ගොඩනැගීම, උද්ඝෝෂණ බඳු වූ විරෝධතා ක්‍රියාමාර්ග) හරහා ජනතාව සංවිධානය කිරීම ; හා එම ජන පදනම මත, මැතිවරණයක දී ආණ්ඩු බලය ගැනීමය. මැතිවරණ නොපවත්වන පසුබිමක් තුල, මෙම ක්‍රියාමාර්ග ගැන සමාලෝචනය කල හැකි බව ද හේ කියයි. එහෙත් පවතින තත්වයන් යටතේ, තම අභිප්‍රාය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු-නොවන ක්‍රියාමාර්ග හරහා බලය ගැනීම නොව, මැතිවරණයකින් ආණ්ඩු බලය ඩැහැ ගැනීම බව හේ පවසයි.
මේ ප්‍රකාශය සම්බන්ධව වසන්ත දිසානායක ඇතුලු විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රෙය් විවේචනය තුල එන කරුණු දෙකකි ; පලමුව, පාර්ලිමේන්තුවෙන් පිටත දේශපාලනය ගැන කථා කරන පෙරටුගාමී සමාජවාදි පක්ෂය බඳු පිරිස් සන්නද්ධ දේශපාලනයක නියුතු බව හුවා දක්වමින් ඔවුන් රජයේ මර්දන යන්ත්‍රණයට පාවාදීම, සහ දෙවනුව, ජාජබ යෝජනා කරන, ආණ්ඩු බලය ගෙන, රාජ්‍යය තමුන් යටතට ගන්නා බවට වූ කියාපෑම රාජ්‍යය පිලිබඳ මාක්ස්වාදී න්‍යායට පටහැණි බවට තර්ක කිරීම.
මින් පලමු විවේචනය අප අත් හරිමු. අපට අනුව නම්, එම ප්‍රකාශයේ එබඳු ‘පාවාදීමේ’ අර්ථයක් නැත. හැබැයි එවැන්නක් තිබෙන බවට සැක කිරීමට අනෙක් අයට තිබෙන අයිතිය ද අපි බැහැර නොකරමු. අප සිතන විධිහට, මෙතන තිබෙන සැබෑ හරයාත්මක විවාදය තමයි, මැතිවරණය හරහා ආණ්ඩු බලය කියන අදහස මාක්ස්වාදයේ රාජ්‍යය පිලිබඳ විග්‍රහය සමග නොගැලපෙන බවට වූ විවේචනය.
එම දෙවැනි කරුණ සම්බන්ධව, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ විවේචනය මෙබඳුය : මාක්ස්වාදයට අනුව, රාජ්‍යය යනු, පාලක පන්තියේ මර්දන උපකරණයකි. මෙම උපකරණය සේවය කරන්නේ පාලක පන්තිය වෙනුවෙනි. ආණ්ඩු බලය ගැනීම, සහ රාජ්‍ය බලය යනු දෙකකි. ජවිපෙ කියන විධිහට ආණ්ඩු බලය ඔවුන් මැතිවරණයක් හරහා ලබා ගත්තත්, රාජ්‍ය බලය ඔවුන් සතු නොවේ. මන්ද යත් :
‘…දහසකුත් එකක් ඓන්ද්‍රිය බැමිවලින් එය ධනපති පංතිය සමග පමණක් නොවෙයි ඒ පංතියේ විදේශ ස්වාමීන් සමගත් බැඳිලා ඉන්නවා. ප්‍රගතිශීලී නිලධාරීන් ස්වල්ප දෙනෙක් හමුදාව තුළ, පොලීසිය හා පරිපාලන යන්ත්‍රය තුළ ඉන්න පුළුවන්. එසේ සිටියාට ලොකු වෙනසක් වන්නේ නැහැ.’
මැතිවරණයකින් බලය ගත් විට, මෙම ආයතන තමුන්ට කලමනාකරණය කරගත හැකි බව ජවිපෙ කියයි. විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයට අනුව එය මායාත්මක අදහසකි :
‘මේවා හුදු කයිවාරු මිස යථාර්ථය නොවෙයි. හමුදා කුමන්ත්‍රණ මගින් මේ ආණ්ඩු පෙරළා දමන්න පුළුවන්. මේ සඳහා ඔිනෑ තරම් නිදසුන් තිබෙනවා.’
මැතිවරණ මාවත ප්‍රායෝගික නොවේ නම්, බලය අල්වා ගැනීමේ විකල්ප මාවත කෙබඳු විය යුතුද? මෙන්න මේ ගැන නිශ්චිත අදහසක් විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය ඉදිරිපත් නොකරයි. ඔවුන් ඉදිරිපත් කරන අදහස මෙසේය :
‘පැරණි රාජ්‍යය වෙනුවට නව රාජ්‍යයක් ගොඩ නගන්නේ නැතිව ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණක් කළ හැක්කේ උපරිම උනොත් ප්‍රතිසංස්කරණ ටිකක් කිරීම පමණයි. ජනතාව ඉල්ලා සිටින විසඳුම් ලබා දීමට නම් කළ යුතුව තිබෙන ප්‍රතිසංස්කරණ විප්ලවීය ආකාරයෙන් සිදු කළ යුතුම යි.’
මොකක්ද මේ විප්ලවීය ආකාරය කියන එක ගැන පැහැදිලි කිරීමක් ලිපියේ නොමැත. එය හුදෙක් කියන්නේ, ප්‍රතිසංස්කරණ විප්ලවීය ආකාරයෙන් විය යුතු බවට වූ වියුක්ත අදහසකි.
රාජ්‍යය පිලිබඳ ප්‍රශ්නය
පොදුවේ පෙනෙන ලෙස, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයට තිබෙන ප්‍රශ්නය වන්නේ ජාතික ජන බලවේගය මැතිවරණය මගින් ආණ්ඩු බලය අල්වා ගැනීම එනයින්ම රාජ්‍ය බලය අල්වා ගැනීම නොවන බව හා ; රාජ්‍යය යනු ආණ්ඩු බලයට එහා ගිය ගැඹුරු මුල් සහිත ව්‍යුහයක් බවට වූ අදහසය.
අප විසින් මතු කෙරෙන ප්‍රති තර්කය මෙයයි ; මේ නිශ්චිත මොහොතේ මහජන සහයෝගය සහිතව ආණ්ඩු බලය ලබාගෙන, ඉන් රාජ්‍ය බලය වෙත බලපෑම් කල යුතු බවට කීම මගින්, රාජ්‍ය බලය යනු ආණ්ඩු බලයට එහා ගිය ගැඹුරු ව්‍යුහයක් බවට වූ අදහස නිශේධය වේද? ආණ්ඩු බලය සඳහා අනුර දිසානායක කැඳවුම් කරන විට, ආණ්ඩු බලය ගත්විට, රාජ්‍යයේ ගැඹුරුතම ව්‍යුහයන් වෙතින් එල්ල වෙන ප්‍රතිරෝධය ගැන හේ නොදැනුවත් යැයි විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය උපකල්පනය කරන්නේ කෙසේද?
මේ ප්‍රශ්නය නිරාකරණය කරගැන්මට නම්, දේශපාලන බලය හා දේශපාලන බලය පිලිබඳ උපාය මාර්ගය නම් වූ තරමක න්‍යායාත්මක ස්වභාවයක් උසුලන ප්‍රශ්නය වෙත බැසීමට අපිට සිදුවේ. විසි වන සියවසේ වාමාංශික ව්‍යාපාරවල ඉතිහාසය බලන විට, සංස්ථාපිත දේශපාලන පක්ෂ අතින්, වාමාංශික පක්ෂ වෙත බලය හුවමාරු වූ ආකෘතීන් තුනක් අපට සලකුණු කල හැක ;
(A) රුසියානු විප්ලවයේ ආදර්ශය. මෙය විප්ලවය පිලිබඳ වඩාත්ම සම්භාව්‍ය ආකෘතිය වේ. ද්විත්ව බලය පිලිබඳ ආදර්ශය අනුව මෙම උපාය මාර්ගය සකස් වී ඇත. මෙහි අදහස සරලව ගත්කල මෙබඳුය ; පවතින (ධනපති) රාජ්‍යයට සමාන්තර ලෙස, විකල්ප රාජ්‍ය ආකෘතියක් (සෝවියට් සභා) පැන නගී. මෙම විකල්ප රාජ්‍ය ආකෘතිය මහජන නියෝජනයේ වඩා උසස් රූපාකාරයකි. මේ සැකැසුම් දෙක අතර වන මුහුණට මුහුණ ලා වන සටනකින් ඉක්බිති, පැරණි රාජ්‍යය සුණු විසුණු කොට, නව රාජ්‍යය සැකසුම බලය තමා සන්තක කරගනී.
මෙම ආකෘතිය අනුව බලය මාරු වීම සිදුව තිබෙන්නේ 1917 රුසියාවේ පමණකි. බොහෝ මාක්ස්වාදීන් අතින් කෙරුණු වරදක් නම්, රුසියාවේ නිශ්චිත ඓතිහාසික සන්දර්භයක් තුල සිදු වූ මෙම අත්දැකීම, කවර හෝ පරිසරයක යලි ප්‍රතිනිර්මාණය කල හැකි ‘විශ්වීය’ සංසිද්ධියක් ලෙස සැලැකීමය. මෙම දෝෂය ප්‍රධාන වසයෙන් දක්නට ලැබෙන්න් විවිධ ට්‍රොට්ස්කිවාදී ගුරුකුල සම්බන්ධවය. පසුකාලීනව, ලෝකයේ ඇති වූ විවිධ සමාජ අරගල, රුසියානු විප්ලවයේ කෝවෙන් මනින්ට දැරෙන උත්සාහය එම සාහිත්‍යය කියවන විට අපට දැකගැන්මට පුලුවන. මේ දැක්මට අනුව, අතිශය නිවැරදි වූ දැක්මක් ‘පොතේ’ ඇත. තථ්‍ය වශයෙන් දිගහැරෙන සමාජ ක්‍රියාවලීන් පොතට අනුකූල නොවන විට, පොත ගැන යලි සිතනු වෙනුවට, සමාජ ක්‍රියාවලීන් හෙලා දැකීම කෙරෙහි ඔවුන් යොමු වෙති. දැවැන්ත සමාජ විපර්යාසයන්ට තුඩු දුන් චීන විප්ලවය, කියුබානු විප්ලවය හෝ වියට්නාම් විප්ලවය බඳු සංසිද්ධීන් වුව — ඒ අවස්ථාවල රුසියානු පන්නයේ ‘සෝවියට් සභා’ නොතිබීම නිසා — සැබෑ විප්ලව ලෙස පිලි නොගන්නා ඇතැම් සාධාර්මික ට්‍රොට්ස්කිවාදී ගුරුකුල මෙම ප්‍රවණතාවය සම්බන්ධ ආන්තික නිදසුන් වෙති.
(B) සිවිල් යුද්ධයේ ආදර්ශය. මේ ගණයට වැටෙන්නේ චීන විප්ලවය, කියුබානු විප්ලවය, නිකරගුවා නිදහස් සටන ආදී වූ අවස්ථාය. පැරණි පාලක පන්තිය විසින් පාලිත රජයට එරෙහි, සන්නද්ධ අරගලයක් විසින් එම පාලනය වැටලීම — ඒ පරණ තන්ත්‍රය ඉවත් කොට, සපුරා නව තන්ත්‍රයක් ස්ථාපිත කිරීම මේ අවස්ථාවල සිදුවිය. රුසියානු විප්ලවය තුල සන්නද්ධ නොවන බහුජන දේශපාලනය හා සන්නද්ධ නැගිටීම යන දෙකම සංකලනය වී පැවැතියේ නම්, මෙම දෙවන ආදර්ශය තුල බහුජන දේශපාලනයට වඩා සන්නද්ධ ක්‍රියාකාරීත්වය අධිනිශ්චය වී තිබෙන ආකාරය දැකගත හැක.
රුසියානු ආදර්ශය හා සිවිල් යුද ආදර්ශය යන අවස්ථා දෙකෙහි දීම දක්නට ලැබෙන එක් පොදු ලක්ෂණයකි. මෙම ආදර්ශ දෙකම සාර්ථක වූයේ, නූතන අර්ථයෙන්, නියෝජිත ප්‍රජාතන්ත්‍රය, පාර්ලිමේන්තු ක්‍රමය ආදිය මුල් බැස නොගත් රටවලය. රුසියානු විප්ලවය උදාහරණ ලෙස ගන්නේ නම්, 1917 වර්ෂයේ පෙබරවාරි මස, කම්කරු සෝවියට් සභා නිර්මාණය වන විට, සර්වජන ඡන්දය යනුවෙන් යමක් එරට පැවැතියේ නැත. රාජ්‍යය යනු ජනයාගෙන් දුරස්ථ වූ —පොලිසිය, හමුදාව, සිරගෙවල් හා උසාවි යනාදියෙන් පමණක් සමන්විත වූ, මර්දනකාරී යන්ත්‍රණයක් පමණක් විය. මීට ප්‍රතිපක්ෂව, ජනතා ඡන්දයෙන් තේරී පත් වූ එකම ආයතන විශේෂය වූයේ සෝවියට් සභාවන්ය. ‘සියලු බලය සෝවියට් සභාවලට’ නම් බොල්ෂෙවික් සටන් පාඨයට අර්ථයක් ලැබුණේ එම පසුබිම තුලය.
රුසියානු විප්ලවයේ ඉතිහාසය පිලිබඳ කදිම විවරණයක් සපයන, ලියොන් ට්‍රොට්ස්කිගේ චරිතාපදානකරු වන අයිසැක් ඩොයිෂර් 1917 ඔක්තොම්බර් නැගිටීම ගැන බොල්ෂෙවික් පක්ෂය තුල වූ වාද විවාද ගැන බොහොම කාවදින සුලු විස්තරයක් සපයයි. ඔහු කියන විධිහට, බොල්ෂෙවික් පක්ෂයේ බොහෝ දෙනාගේ ද අදහස වූයේ, ඔක්තොම්බර් නැගිටීම සාර්ථක වීමට නම්, එය සෝවියට් සභාවල නාමයෙන්, එනම් තාවකාලික ආණ්ඩුවෙන් සෝවියට් සභාවලට බලය ගැනීමක් ලෙසට කැදවුම් කල යුතු බවයි. හුදෙක් බොල්ෂෙවික් පක්ෂයට බලය ගැනීමක් ලෙසට එය කැඳවුම් වී නම්, සාමාන්‍ය කම්කරුවන් ඊට සහයෝගය නොදක්වනු ඇති බව බොල්ෂෙවික් නියෝජිතයන්ගේ මතය විය. ඇත්තටම සිද්ධ වූයේ ද එයයි ; 1917 ඔක්තොම්බර් නැගිටීම සාර්ථක වූයේ එය එවකට වූ එකම මහජන නියෝජිත ව්‍යුහය වන සෝවියට් සභා වෙත බලය ගැනීම සදහා කෙරෙන නැගිටීමක් ලෙසට මතු කිරීම තුල, මහජන සහයෝගය දිනාගැන්මට සමත් වීම නිසාය.
බලය මාරු වීම පිලිබඳ තෙවන ආදර්ශය නම්, (C) මැතිවරණ මාර්ගයෙන් වාමාංශික ආණ්ඩුවක් බලයට ඒමය. මැතිවරණ මාර්ගයෙන් වාමාංශික පක්ෂ බලයට ඒම සම්බන්ධ උදාහරණ ගණනාවක් අපට විසි වන සියවස තුල මුණ ගැසෙයි. චීලි හී සැල්වදෝර් අයියන්දේ ජනාධිපති වීම ඒ ගැන තිබෙන සංකේතාත්මක උදාහරණයකි. 1990 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් ඉක්බිති, වාමාංශික ආණ්ඩු බලයට ඒම පිලිබඳ ඉතිහාසය දෙස බලන විට, එය සම්පූර්ණයෙන්ම පාහේ සමන්විත වන්නේ මැතිවරණ හරහා බලය ගත් ආණ්ඩුවල ඉතිහාසයකිනි. 2000 දශකය වර්ණවත් කල ලතින් ඇමරිකාවේ ‘රෝස රැල්ල’ නම් ප්‍රවණතාවය තුල — වෙනිසියුවේලාවේ හියුගෝ චාවේස්, බොලිවියාවේ ඉවෝ මොරාලේස්, ඉක්වදෝරයේ රෆායෙල් කොරෙයා බඳු අය ආණ්ඩු බලය පිහිටවූයේ මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ ගමන් කරමිනි. 2010 න් පමණ පසුව ඇති වූ යම් තාවකාලික පසුබැසීමකින් පසුව, මේ වනවිට, මෙම රෝස රැල්ලේ නව පිබිදීමක් අපට ලතින් ඇමරිකානු රටවල නිරීක්ෂණය කිරීමට පුලුවන.
මේ ප්‍රවණතාවය සම්බන්ධ කලාපීය උදාහරණයක් වන්නේ නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය 2008 වර්ෂයේ ජාතික මැතිවරණයෙන් බලය ගැනීමය. එසේ නැතිනම්, ඉන්දියාවේ කේරලය බඳු ඇතැම් ප්‍රාන්තවල කොමියුනිස්ට් පක්ෂය ප්‍රාන්ත ආණ්ඩු පිහිටුවීමය. යුරෝපීය රටවල 2009 ආර්ථික අර්බුදයෙන් පසුව මතු වූ වාමාංශික නැඹුරුව සහිත ව්‍යාපාර වන ග්‍රීසියේ සිරීසා ව්‍යාපාරය, ස්පාඤ්ඤයේ පොඩෙමොස් ව්‍යාපාරය, බ්‍රිතාන්‍යයේ ජෙරමි කෝබින්ගේ ව්‍යාපාරය ආදිය ද බලය ගැනීම ඉලක්ක කලේ මැතිවරණ ක්‍රියාවලිය හරහාය. මේ කරුණු අප සටහන් කරගත යුත්තේ මැතිවරණකින් බලය ගැනීමට උත්සාහ කිරීම වාමාංශික ව්‍යාපාරයකට අමුතු දෙයක් නොවන බව කීමටය.
මෙම තෙවන ප්‍රවණතාවය සම්බන්ධව, මතු කල හැකි සාධාරණ ප්‍රශ්නයක් වන්නේ — විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය ද මතු කරන ලෙස — ආණ්ඩු බලය හා රාජ්‍ය බලය අතර වෙනස පිලිබඳ ප්‍රශ්නයයි. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වුව පන්තිමය සංයුතියක් සහිත සමාජයන්ය. එම සමාජවල රාජ්‍යය එම පන්තිමය සංයුතියේ බලපෑමෙන් නිදහස් නැත. ‘රාජ්‍යය යනු පන්ති පාලනයේ උපකරණයකි’ යන පැරණි ලෙනින්වාදී පැහැදිලි කිරීමට වඩා, මෙම සමාජවල රාජ්‍යයේ ස්වභාවය පැහැදිලි කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ ‘රාජ්‍යය යනු සමාජ සම්බන්ධතාවල භෞතිකමය ඝනිභූතකරණයකි’ (material condensation of a relation of classes) යනුවෙන් පසුකාලීන ග්‍රීක මාක්ස්වාදියෙක් වූ නිකොස් පුලන්සාස් කල පැහැදිලි කිරීමය. හමුදා, පොලිසි හා හිර ගෙවලින් යුක්ත පැරණි රාජ්‍යය මෙන් නොව, සර්වජන ඡන්දය සහිත නූතන රාජ්‍යය හුදු සමජාතීය ප්‍රපංචයකට වැඩි සංකීර්ණ යමකි. රාජ්‍යය මූලික වශයෙන් අධිපති පන්තීන්ගේ අභිලාෂයන් සඳහා සේවය කල ද, පහල පන්තීන්ගේ බලපෑමට ද හසු වේ. පහල පන්තීන්ගේ කේවල් කිරීමේ බලය වැඩි වන තරමට, එය රාජ්‍යය තුල පරාවර්තනය වේ. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා කම්කරු අයිතිවාසිකම් බඳු සමාජ අයිතීන්වල පැන නැගීම රාජ්‍යය තුල සමාජ සම්බන්ධතා පරාවර්තනය වන ආකාරයට නිදසුනකි. නූතන රාජ්‍යය ඒ අනුව ගත්විට, අභ්‍යන්තර ප්‍රතිවිරෝධයකින් යුක්ත එකකි.
මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධය විසින් සමාජ අරගලය ආයතනික රාමුවට පිටතින් වාගේම, ආයතනික රාමුව තුල ද සිදු කිරීමේ අවකාශය විවර කරයි. නිදසුන් ලෙස, සර්වජන ඡන්දයේ පැවැත්ම විසින් සංස්ථාපිත දේශපාලන ප්‍රතික්ෂේප කරන වාමාංශික පක්ෂවලට ආයතනික රාමුව තුලට ද දේශපාලනය ගෙන ඒමේ අවස්ථාව ලබාදෙයි. මෙය පැරණි රුසියාව හෝ චීනය බඳු රටවල දක්නට නොලැබුණු තත්වයකි. ඉතිහාසයේ අත්දැකීම් පෙන්වන්නේ, එම අවකාශය භාවිතා කොට ගෙන, අවශ්‍ය නම් ආණ්ඩු බලය අල්වා ගැනීම දක්වා වාමාංශික පක්ෂවලට ගමන් කල හැකි බවයි. මෙය සුමට මගක් නොවේ. මෙය වැලැක්වීම සඳහා සංස්ථාපිත බලවේග සියලු උත්සාහයන් දරන බව සැබැවි. හැබැයි පොදුජන සහයෝගය පවතී නම්, එම උත්සාහයන් අබිබවා, ආණ්ඩු බලය ගැනීමේ හැකියාව වාමගාමී පක්ෂවලට තිබෙන බවට අපමණ උදාහරණ ඉතිහාසයෙන් වාගේම වර්තමාන ලෝක අත්දැකීම්වලින් ද අපට හමු වේ.
කෙසේවුවද, ආණ්ඩු බලය හා රාජ්‍ය බලය අතර වෙනස ගැන විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය මතු කරන සාධාරණ ප්‍රශ්නය අපට අභිමුඛ වන්නේ මෙතැනදීය. ආණ්ඩු බලය ගැනීමට වාමාංශික පක්ෂවලට ඉඩ දුන්නා වුවද, ඉන් එහා ගිය බැරෑරුම් සමාජ-දේශපාලන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ බාධකයක් ලෙස චිරාත් කාලයක් තිස්සේ නඩත්තු වූ රාජ්‍ය ව්‍යුහය පෙනී සිටිය හැක. මිලිටරිය, සිවිල් සේවය සංයුක්ත කරන්නා වූ නිලධරය, අධිකරණවල නිලධාරීන් බඳු වූ පිරිස් වලින් මෙම රාජ්‍යය ව්‍යුහය සමන්විතය. ආණ්ඩු බලය ගත් සියලු වාමාංශික පක්ෂවලට මුහුණ දෙන්ට වූ එක් ප්‍රධාන අභියෝගයක් වූයේ මෙම මුල් බැසගත් අධිකාරීන්ගේ ප්‍රතිරෝධය මැඩ ; රාජ්‍ය ව්‍යුහය ද ජනතාවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමය.
මේ සම්බන්ධ විවිධ වූ අත්දැකීම් අතුරින් අපගේ අවධානය යොමු විය යුතු එක් වැදගත් අත්දැකීමක් වන්නේ හියුගෝ චාවේස් යටතේ වෙනිසුවේලාවේ විප්ලවය ගමන් ගත් ආකාරයයි. 1999 වර්ෂයේ දී චාවේස් පලමුව ජනාධිපතිවරණයෙන් බලයට පත්වන්නේ බොහොම සීමිත න්‍යාය පත්‍රයක් මතය ; දශක කීපයක නව ලිබරල් ප්‍රතිපත්ති විසින් ඇති කල විසාල ඇති නැති පරතරය පියැවීම හා එරට පාලනය කල දූෂිත දේශපාලන-නිලධර තන්ත්‍රයේ අධිකාරිය බිඳීම ඔහුගේ මූලික එල්ලය විය. නමුත් මේ දේවල් කරන්ට නම්, ආර්ථිකයේ අධිපති නිෂ්පාදන සම්බන්ධතාවලට අත තැබීමට සිදුවන බව කාලයත් සමග පැහැදිලි විය. මේ අනුව හේ එරට තෙල් කර්මාන්තය ජනසතු කිරීම වෙත යොමුවිය. අපේක්ෂා කල හැකි ලෙසට, විදේශීය අධිරාජ්‍යවාදී බලවේග වාගේම, එරට සිටි පරගැති ධනපති කොටස්, හා ඉහල මධ්‍යම පාන්තික කොටස් චාවේස්ට විරුද්ධ විය. මෙහි කුප්‍රකටම අවස්ථාව වූයේ 2002 වර්ෂයේ චාවේස්ට එරෙහිව දියත් කල හමුදා කුමන්ත්‍රණයයි.
සංස්ථාපිත රාජ්‍යයේ මෙම ප්‍රතිරෝධය මඩින්ට චාවේස් අනුගමනය කල ක්‍රමවේදය කුමක්ද? සිය බලය පවතින්නේ වෙනිසියුවේලාවේ සමාජයේ පහල පාන්තික තීරු මත බව තේරුම් ගත් හේ, ඔවුන් විධිමත්ව සංවිධානය කිරීම සඳහා ‘බොලිවේරියානු සභා’ නම් වූ ව්‍යුහය රාජ්‍ය අනුග්‍රහය සහිතව දියත් කලේය. මෙම සභා සංවිධානය කිරීමෙන් ඔහු අපේක්ෂා කලේ ප්‍රතිවිප්ලවයට එරෙහි ජනතා අධීක්ෂණයක් බිම් මට්ටම තුල නිර්මාණය කිරීමය. ආණ්ඩු බලය මැතිවරණයෙන් ගෙන, පසුව රාජ්‍යය අතිශය රැඩිකල් ලෙස ප්‍රතිසංවිධානය කරන්ට චාවේස් කල උත්සාහය සම්බන්ධ කදිම විවරණයක් Monthly Review මාක්ස්වාදී සගරාවේ කර්තෘ ජෝන් බෙලමි ෆොස්ටර් Chavez and the Communal State (‘චාවේස් සහ ප්‍රජා රාජ්‍යය’) යනුවෙන් මීට කලෙකට පෙර රචනා කලේය. ජාතික ජන බලවේගය ගැන දෙඤ්ඤං බැටේ විවේවචන වෙනුවට, මෙන්න මේ වගේ අත්දැකීම් ගැන සහේතුක සංවාදයක් ඇති කරන්ට අපගේ වාමාංශික ක්‍රියාධරයන් කටයුතු කරනවා නම්, අඩුම තරමින් එම ව්‍යාපාරයේ ක්‍රියාකාරී කොටස් අතර වුව වඩා අවබෝධාත්මක කථාබහක් මෙම ප්‍රශ්න ගැන ඇති වනු ඇත.
තල දෙකක සටන
රාජ්‍ය බලය හා ආණ්ඩු බලය ගැනීම අතර වෙනස ගැන විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය මතු කරන ප්‍රශ්නය සාධාරණ එකක් බවට සැක නැත. නමුත්, ඔවුන් එහි දී කරන වරද නම්, ජාතික ජන බලවේගය යනු එම වෙනස ගැන අවබෝධයක් නැති පිරිසක් බවට කරනු ලබන උපකල්පනයයි. මාක්ස්වාදී දේශපාලනය ගැන උනන්දු පිරිස් අතර, එම කතිකාව තුල කෙරෙන කථාබහ, පොදුජන පිරිස් අබියස ඒ භාෂාවෙන්ම සෑම විටම සිදුකල යුතු බවට නියමයක් නැත. එසේ අපේක්ෂා කිරීමම, පොදුජන දේශපාලනය ගැන අනවබෝධය නිසා පැන නගින්නකි. දේශපාලන ව්‍යාපාරවල ගතිකය හුදු වේදිකා කථාවලින් නිර්ණය නොකොට, ඔවුන්ගේ තථ්‍ය ක්‍රියාකාරීත්වය අනුව තක්සේරු කිරීම වැදගත් වනුයේ මේ නිසාය.
මේ අවස්ථාවේ දී, අප විසින් විසඳා ගත යුතු ප්‍රශ්න දෙකකි ; ජනතා අරගලය තුලින් පොදුජනයා සංවිධානය කිරීම හා මැතිවරණයෙන් බලය ගැනීම යන උපාය මාර්ගය සදොස්ද? එය සදොස් නම්, ඊට විකල්පව ඉදිරිපත් කල හැකි උපාය මාර්ගය කුමක්ද?
අප පලමුව, විකල්ප උපාය මාර්ගයෙන් පටන් ගනිමු. විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන,‘ජන අරගලය හරහා රාජ්‍ය බලය’ යන උපාය මාර්ගය ගැන සාධනීය තක්සේරුවක සිටින බව පෙනෙයි :
‘අප දන්න ආකාරයට නම් පෙසප පාර්ලිමේන්තුවාදය ප්‍රතික්ෂේප කළාට සන්නද්ධ අරගලය උත්කර්ෂයට නංවන්නේ නැහැ. ඔවුන් උත්කර්ෂයට නංවන්නේ ජන අරගලය යි. වැඩබිමේ, ගොවිබිමේ, වීදියේ ආදී වශයෙන් වන ජනතාවගේ අරගලය යි. පාර්ලිමේන්තු අරගලයට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත අරගලය යි. නිදසුන් ලෙස 2022 මාර්තු – ජූලි ජන අරගලය වැනි අරගල මාධ්‍යය යි. ඔවුන් අරගලයේ නිශ්චිත අවධියක දී සන්නද්ධ මැදිහත් වීම පිළිගන්න පුළුවන්. නමුත් ඔවුන් මේ නිශ්චිත අවකාශය තුළ ප්‍රවර්ධනය කරන්නේ හුදු පාර්ලිමේන්තුවාදී අරගලයට ඉහළින් ජන අරගලය යි. ඒක වැරදි නැහැ. ඒක ඔසවා තැබිය යුතු ප්‍රධාන අරගල මාධ්‍යය යි.’
මේ අපට සිතිය හැකි එක් මගකි. ජනතා අරගලය හා එම අරගලය තුලින් බිහිවන සටන්කාමී නියෝජනයක් සහිත ජනතා සභා බඳු වූ ආයතන. එම ආයතන හා පවතින සංස්ථාපිත රාජ්‍යය අතර සිදුවන ද්වන්ද සටන, ද්විත්ව බලය හා අවසානයේ සිදුවන බල හුවමාරුව. අපට පෙනී යන ලෙස, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය අනුමත කරන මාර්ගය සම්භාව්‍ය සෝවියට් ආකෘතිය හා සමපාත වූවක් ලෙස දිස් වෙයි.
මෙම උපාය මාර්ගය ‘වැරදි නැහැ’ යැයි විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය කීවද, අපට අනුව නම් මෙය රුසියානු ආදර්ශය යාන්ත්‍රික ලෙස කොපි කිරීමෙන් සාදාගත් බොහොම නොමග යවන සුලු ඉදිරි දර්ශනයකි.
සර්වජන ඡන්දය ආයතනගත වීමත්, එය පොදුජන ව්‍යවහාරයේ අංගයක් වීමත් සමග මෙරට සිදු වූ එක් වැදගත් පරිවර්තනයක් ඇත. එනම් කවර ජන පීඩක ආණ්ඩුවක් වුවත්, පොදුජන ඡන්දයෙන් එලවා දැමිය හැකි බවට මහජන චින්තනය තුල යම් විශ්වාසයක් ඇති වීමය. 1956 දී හා 1970 දී සාපේක්ෂ ලෙස ප්‍රගතිශීලී ආණ්ඩු පිහිටුවීමෙන් මෙරට මහජනයා එම අයිතිය අභ්‍යාස කලහ. එක්සත් ජාතික පක්ෂයේ දාහත් වසරක දුර්දාන්ත පාලනය 1994 දී පන්නා දැමුවේ ද මහජන ඡන්දයෙනි. මහින්ද රාජපක්ෂගේ අසහාය පාලනය 2015 දී පෙරලා දැමුණේ ද සර්වජන ඡන්දයෙනි. සර්වජන ඡන්දය, මෙරට පොදුජන අවබෝධය තුල සිදු කොට තිබෙන බලපෑම අතිශය වැදගත්ය. මෙය නොතකා දේශපාලනය තේරිය නොහේ. මෙය නොතකා දේශපාලනය තෝරන්ට ගිය සියලු අවස්ථාවල — 1971 දී වේවා, 1987 දී වේවා — විප්ලවවාදීන්ගේ අරමුණුවල අවංකකම තිබිය දී වුව, පොදු ජනයා එම උත්සාහයන් දිහා බැලුවේ එක්කෝ සැකයෙනි, නැතිනම් එදිරිවාදී හැගීමෙනි.
මෙලෙස පවතින විෂයමූලික වාතාවරණය කලින් කී 1917 රුසියානු වාතාවරණයෙන් ගුණාත්මක වශයෙන් සෑහෙන වෙනස් බව පැහැදිලිය. මෙහිදී මතුවන ප්‍රශ්නය නම්, සර්වජන ඡන්දයෙන් ආණ්ඩු මාරු කිරීමේ හැකියාව පවතින බව මහජනයා විශ්වාස කරන පසුබිමක, පවතින රාජ්‍ය ව්‍යුහයට පිටතින්, සමාන්තර රාජ්‍යයක් ලෙස සෝවියට් සභා බඳු ව්‍යුහයක් පැන නැගීමට කෙතරම් ඉඩක් පවතීද යන්නය. ආයතනික රාමුවෙන් පිටත ජනතා සංවිධාන නිර්මාණය වේ. නිර්මාණය කල යුතු ද වෙයි. එලෙස නිර්මාණය වන ජනතා සංවිධාන ‘රාජ්‍යය’ ලෙස පොදු සමාජය පිලිගන්නා තත්වයක් යනු ගුණාත්මක වශයෙන් වෙනම තත්වයකි. ආයතනික රාමුව සහමුලින්ම බිඳ වැටෙන අති විශේෂ අවස්ථාවක මිස එවැන්නක් පිලිබඳ උපකල්පනය කිරීම ද අසීරුය. (සියල්ලට වඩා, සෝවියට් සභා යනු පක්ෂයක් විසින් නිර්මාණය කරන ලද්දක් නොව, ජනයා අතරින් සාංසිද්ධිකව පැන නැංග ජනතා ආයතන විශේෂයකි. බොල්ෂෙවික් පක්ෂය කලේ එම ආයතනවල බලය ඡන්දයෙන් අල්වා ගැනීමකි).
පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය ආයතනික රාමුව තුල සිදුවන දේශපාලනයට ද්විතීක කල යුතු බව හෝ එය නොවැදගත් බව මින් කිසිසේත් අදහස් නොවේ. අවශ්‍ය වන්නේ ආයතනික ක්ෂේත්‍රයෙන් පිටත දේශපාලනය ආයතනික ක්ෂෙත්‍රයේ දේශපාලනය සමග සම්බන්ධ කිරීමය. ඓතිහාසිකව, මෙරට වාමාංශික දේශපාලනය තුල පාර්ලිමේන්තුවෙන්-බාහිර දේශපාලනය අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලේය. මෙරට වාමාංශික ව්‍යාපාරය පැන නැංගේම මැලේරියාවෙන් බැට කන ජනයා අතර සමසමාජ නායකයන් කල දේශපාලනය තුලින්ය ; වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් සංවිධානය කරන්ට කල මැදිහතවීම තුලින්ය ; බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පොපි මල් ව්‍යාපාරයට එරෙහිව සංවිධානය කල සූරිය මල් ව්‍යාපාරය තුලින්ය. මේ සියලු දේශපාලන කටයුතු පාර්ලිමේන්තුවෙන්-බැහැර ක්ෂේත්‍රයට අයත්ය.
කෙසේ වුවද, 1931 දී සර්වජන ඡන්ද ක්‍රමය හඳුන්වා දීමත් සමග මෙරට දේශපාලන සම්ප්‍රදාය වර්ධනය වූ ඓතිහාසික පසුබිම තුල, සිය පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලන ක්‍රියාකාරකම්, මැතිවරණ දේශපාලනය සමග සම්බන්ධ කරන්ට මෙරට ඓතිහාසික වාමාංශික ව්‍යාපාරය කටයුතු කලේය. මෙය සෑහෙන දුරකට ඵල දැරුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැන නගින්ට පලමු, මැතිවරණ දේශපාලනය තුල අති මහත් බලයක් පරණ වාමාංශික පක්ෂ අභ්‍යාස කලේය. ඒ බලය සම්භවය වූයේ පාර්ලිමේන්තුවෙන්-බැහැරව ඔවුන් කල දේශපාලනය, පාර්ලිමේන්තුව තුල දේශපාලනය සමග සම්බන්ධ කිරීම තුලය. පාර්ලිමේන්තුව තුල දේශපාලනය යලි වටයකින් පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය ශක්තිමත් කිරීම සඳහා යෙදවිණ.
පැරණි වාමාංශික ව්‍යාපාරයේ යම් දොසක් වී නම්, ඒ පසුකාලීනව, පාර්ලිමේන්තුව තුල දේශපාලනය අධිනිශ්චය වීම හා පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය ද්විතීක වීමය. ඒ අතර වන සමබරතාවය රඳවා ගැන්මට අපොහොසත් වීමය. ලංකාවේ පවතින දේශපාලන යථාර්තයන්ගේ සන්දර්භය තුල ජනතා අරගලය ඔස්සේ පාර්ලිමේන්තුවෙන්-පිටත දේශපාලනය සංවිධානය කිරීම හා එම පදනම මත ආයතනික ක්ෂේත්‍රයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කිරීම යනු තාර්කික සිතීමකි. විශේෂයෙන්ම, මැතිවරණය හරහා බලය ගැනීමේ සම්භාවිතාවයක් පවතී නම්, එය ඉවත දැමීමෙහි කිසිදු හේතුවක් නොමැත.
මෙම පසුබිම තුල, දැන් අපට අනුර දිසානායකගේ පර්ත් කථාව ගැන විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ විවේචනය දෙස අවධානය යොමුකල හැක. අපට පෙනෙන්ට තිබෙන ආකාරයට, ජාතික ජන බලවේගයේ උපාය මාර්ගය වී තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන්-බැහැර දේශපාලනය පාර්ලිමේන්තු දේශපාලනය සමග සම්බන්ධ කිරීමේ ප්‍රවේශයයි. මෙය භාවිතයට නැගීමේ අඩුපාඩු, අසමතුලිතතා පැවැතිය හැක. එහෙත් උපාය මාර්ගයක් ලෙස ගත්කල, මෙය තාර්කිකය, සංගතය.
මැතිවරණයක් ජයගත් පමණින් රාජ්‍ය බලයේ ගැඹුරු ව්‍යුහයන් පරිවර්තනයට ලක් නොවේ. ආණ්ඩු බලය ගන්නා වාමාංශික පක්ෂයකට රට අභ්‍යන්තරයෙන් මෙන්ම බැහැරින් ද විවිධ තර්ජනවලට ලක්වීමට සිදු වේ. මෙය වාමාංශික ආණ්ඩු පිහිටවූ වෙනත් රටවල සමකාලීනව ද අපට දක්නට ලැබෙන තත්වයකි. විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය නිවැරදි ලෙස කියන ආකාරයට, වාමාංශික ආණ්ඩුවක් ප්‍රිය නොකරන සමාජ පන්තීන්, රාජ්‍ය ව්‍යුහය තුල තිබෙන ගතානුගතික බලවේග, සන්නද්ධ අංශවල තත්වාරක්ෂකවාදී කොටස් ආදීන් වාමාංශික ආණ්ඩුවකට ප්‍රතිරෝධය දක්වනු ඇත. එය කඩාකප්පල් කිරීම සඳහා විවිධ උපමාරු යොදනු ඇත. මීට මුහුණ දිය හැකි එකම ආකාරය, ජනතාව වඩ වඩාත් සංවිධානය කිරීමය. ඒ සඳහා හියුගෝ චාවේස් සිදුකල ලෙස, ජනප්‍රිය බලයේ නව ව්‍යුහ රාජ්‍ය අනුග්‍රහය සහිතව සංවිධානය කිරීම දක්වා වූ ක්‍රියාමාර්ග වෙත යා හැක.
ප්‍රශ්නය නම්, මේ ගැන අනුර දිසානායක නොදන්නවා යැයි විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය උපකල්පනය කරන්නේ ඇයි ද යන්නය. ආණ්ඩු බලය ගත් පසුව, රාජ්‍යයේ ගැඹුරු ව්‍යුහයන් වෙතින් මතුව ආ හැකි තර්ජනවලට මුහුණ දෙන්නේ කෙසේදැ’යි ඔස්ට්‍රේලියාවේ කථාවේ දී විස්තරාත්මකව පැහැදිලි නොකල පමණින්, එම පක්ෂයට එවැන්නක් ගැන අදහසක් නොමැති යැයි නිගමනය වේද? අපට අනුව, මෙය අතිශයෝක්තිමය විවේචනයකි. මේ වනවිට ඔවුන් සිදුකරගෙන යන, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පිරිස් සංවිධානය දෙස බැලූ විට පෙනෙන්නේ සන්නද්ධ හමුදා කොටස් බඳු බලවේග අතර පදනමක් දමා ගැනීම බලය ගැන්මට පෙරම කෙතරම් වැදගත් දැ’යි ඔවුන් තක්සේරු කොට තිබෙන ආකාරයයි.
ජාතික ජන බලවේගය සම්බන්ධ ‘වාම’ විවේචනවල අප දකින එක් ප්‍රශ්නයක් නම්, සැබැවින්ම ඔවුන් කියන කරන දෑ සමග අභිමුඛ වනු වෙනුවට, සිතා මතා කල විකෘති කිරීම් හෝ වැරදි අර්ථ නිරූපණවලට විවේචන ගෙන ඒමය. අපගේ නිරීක්ෂණය නම්, මෙය අගති සහගත මනෝභාවයක් තුලින් මතු වන ප්‍රවේශයක් බවයි. ‘අරගලය වැඩක් නැති බවට’ අනුර දිසානායක ඔස්ට්‍රේලියාවේ දී පැවැසූ බව හෝ ; ‘මැතිවරණයෙන් බලය ගත් විට, සියල්ල හරි බවට ඔහු සිතන බව’ කියාපෑම මේ ආකාරයේ සාවද්‍ය අර්ථ නිරූපණවලට නිදසුන්ය. විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රයේ විවේචනය වංචනික එකක් යැයි අප නොසිතමු ; එහෙත් එය එතරම් ඒත්තු යන සුලු එකක් ලෙස ද දිස් වන්නේ නැත.
Comments (1)
ජා.ජ.වේගය ගැන කාලීනව සිදුවිය යුතු විග්‍රහයක්.