අන් කවරදාකටත් වඩා දේශපාලනිකව, පන්තිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතින, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ හා කණ්ඩායම් එක මිටකට තබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන මොහොතක නැවතත් “රනිල් එළවීම සඳහා” එසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත සියලු අපත රාශීන් එක්කොට “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.
Read Moreවිදේශ සමාගම් තුනකට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු බව ඛනිජ තෙල් ඇමති කංචන විජේරත්න පවසා තිබේ. ඒ අනුව මෙම සමාගම් තුනට ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමට, ගබඩා කිරීමට බෙදා හැරීමට සහ විකිණීමට වසර 20ක බලපත්‍රයකට යටත්ව අවස්ථාව හිමි වෙනු ඇත. චීන රජයේ සමාගමක් වන Sinopec, United Petroleum of Australia සහ ඇ.එ. ජනපද සමාගමක් වන RM Parks එම සමාගම් තුනයි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ 80% ක පමණ හිමිකාරිත්වයක් පවතින්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ය. 20% ක පමණ ඉතිරි කොටස ඉන්දියානු රාජ්‍ය සමාගමක් වන IOC සමාගම සතු වේ. මේ තීරණයත් සමග ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් සංස්ථාවට හිමි ඒකාධිකාරය අහිමිව යනු ඇත. පළමු වටයේ දී ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන ඉන්ධන අලෙවිසැල් 450ක් මෙම සමාගම් තුන වෙත බෙදා දීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව ‘ස්වාධීන’ කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මහ බැංකුව ස්වාධීන කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආණ්ඩුව මත පනවා තිබෙන එක් කොන්දේසියකි. මෙම අදහස පිලිබඳ ආර්ථික විද්‍යාඥ හාවඩ් නිකලස් පසුගිය දා සිරස රූපවාහිනියේ වැඩසටහනක සම්බන්ධ වෙමින් පල කල අදහස්වල පරිවර්තනයක් පහත පල වේ. අදාල පනත පිලිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් ප්‍රතිවාද කණ්ඩායම විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇත.
Read Moreපහුගිය අවුරුද්දේ දේශපාලන කැළඹීම දිහා අපි බලමු. දශක ගාණක යූඇන්පි – ශ්‍රීලංකා ප්‍රධාන පිල් බෙදීමේ තට්ටුමාරු ආණ්ඩුකරණයකින් පස්සෙ, ඔවුන් විසින් 2022 වෙද්දි අපේ රට නිළ වශයෙන් බංකොලොත් රටක් බවට පත්කළා. කලින් හිටිය පාලකයන් වගේම රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා, සිරිසේනලා මේකට හරිහරියට වගකිව යුතුයි. 1977 න් පස්සෙ ක්‍රියාත්මක කළ නවලිබරල් ආර්ථික සැලැස්ම ඇතුළේ මේ බංකොලොත් වීම අනිවාර්‍යයක් බවට පත් කළා. ඒ වගේම රාජපක්ෂලා විසින් ඒක වේගවත් කළා. ඒ වගේම ගෝඨාභය ඇතුළු වියත්මඟ මොට්ට නඩය ලංකාවේ ආර්ථිකයේ මිනීපෙට්ටියට අන්තිම ඇනයත් ගැහුවා.
Read Moreශ්‍රී ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලි කිරීමට මහා න්‍යායික පර්යාලෝක අවශ්‍ය නොවේ. 2022 වසරේ මුල සිට ඉන්ධන අර්බුදය, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණය වීම, විදුලිය කප්පාදුව ආදී දුෂ්කරතා රැසකට මහජනයා මුහුණ දෙමින් සිටිති. මෙම අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නොව එකිනෙක ගැට ගැසී ඇති විශාල දේශපාලන, මෙන්ම සමාජීය-සංස්කෘතික අර්බුදයක්ද වේ. එනයින් මෙම අර්බුදය විසින් අපගේ සමාජය දේහය තුළ ජනනය කොට ඇති බහුමානීය සමාජීය ප්‍රතිඵල සම්බන්ධව විමසා බැලීම මෙම ලිපිය මගින් සිදු වේ.
Read Moreඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ලෙස හදුන්වන පනත් කෙටුම්පතක් විවාදයට ගනු ඇත. මෙම පනත් කෙටුම්පත මගින් අරමුණු කරන්නේ “නොමග ගිය සටන්කරුවන්“, “අන්තගාමි හෝ විනාශකාරි කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්“ සහ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සදහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම පනත් කෙටුම්පත වධ කදවුරු නීත්‍යානුකූල කරන භයානක නීතියකි. මෙය විශාල භීතියක් ඇති කළ හැකි බව පෙනි යනු ඇතත් පනත් කෙටුම්පත කියවීම තුලින් වගන්තියෙන් වගන්තියට අනාවරණය වන්නේ මෙය මගින් වධ හිංසාව යටතට වැටෙන පුලුල් වපසරියක් පුරා දිවෙන අයුතු සැලකිම් වලට නෛතික ආරක්ශාව ලබා දෙන බවයි.
Read More