Category

Category: ආර්ථික

ආර්ථික

අන්තර්ජාතික සංවර්ධනය ගැන නව සමාජවාදී න්‍යායක අවශ්‍යතාවය

කෙසේ වුවද, 1980 ගණන් වන විට, නව අන්තර්ජාතික ආර්ථික පර්යාය ව්‍යාපෘතිය යට කරමින් නව ලිබරල් ගෝලීයකරණය ඉදිරියට ආවේය. සංවර්ධනය සඳහා අරමුදල් හා න්‍යාය සපයන ආයතනය ලෙස ලෝක බැංකුව ඉස්මතු විය. කෙසේ වුව ද, ගෝලීය දකුණේ රටවල් මුහුණ දී සිටින වර්තමාන ඛේදවාචකය විසින් පෙන්නුම් කරන්නේ, නව ලිබරල් ගෝලීයකරණය විසින් ලබා දුන් සංවර්ධනය පිලිබඳ ප්‍රතිඥාව පුස්සක් බවට පත්වී තිබෙන බව ය.

Read More
ආර්ථික

අපනයන-කේන්ද්‍රීය සංවර්ධනයේ බොරු වළවල්

ඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂකයෙක් වන ආචාර්ය ප්‍රභාත් පට්නායික් විසින් සම්පාදිත පහත ලිපිය මේ යුගයේ අධිපතිව පවතින්නා වූ අපනයන-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කරයි. අපනයන-කේන්ද්‍රීය ආර්ථික ලෙස හැදින්විය හැකි රටවල වර්ග දෙකක් හඳුනා ගන්නා හෙතෙම ලංකාව, බංගලාදේශය බඳු රටවල මොඩලය අසාර්ථක වන්නේ ඇයිදැ’යි පැහැදිලි කරයි. 

Read More
ආර්ථික

උපායමාර්ගික මිල පාලනය උද්ධමනයට එරෙහිව සටන් කිරීමට උපකාරී කර ගත හැකි ද? – ඉසබෙලා වෙබර්

උද්ධමනය වසර 40 කට පසුව එහි ඉහළ ම අගය වාර්තා කිරීමට ආසන්න ය. ලොව පුරා මධ්‍යම බැංකු විසින් මෙයට මැදිහත් වීමට පොරොන්දු ලබා දී ඇත. කෙසේ නමුත් මිල ගණන් ඉහළ යාමට බලපෑ තීරණාත්මක සාධකයක් කෙරෙහි අවධානය විශාල වශයෙන් මග හැරෙමින් පවතී. විශාල ලෙස ලාභ ඉහළ යාම එම තීරණාත්මක සාධකය යි. 2021 වසරේදි එක්සත් ජනපද මූල්‍ය නොවන ලාබ අන්තරය දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතව පැමිණි වසරවල්වල දී පවා නොදුටු අන්දමේ ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. මෙය අහම්බයක් නොවේ. යුද්ධය අවසාන වීම විසින් නිෂ්පාදන ප්‍රතිව්‍යුහගතකරණයක් හදිසියේ ඉල්ලා සිටියේ ය. එමගින් අවහිරතාවයන් (bottlenecks) ඇති වූ අතර එය කොවිඩ් වසංගත කාලයේ ඇති වූ අවහිරතාවයන්ට සමාන ය. එදා මෙන්ම අද ද වෙළෙඳපොළ බලය සහිත විශාල සමාගම් සැපයුම් දාමයේ ගැටලු මිල ගණන් ඉහළ නැංවීමට සහ විශාල ලෙස ලාභ ගරා ගැනීමට භාවිතා කරයි. ඇ.එ.ජ. ෆෙඩරල් රිස(ර්)වය විසින් දැඩි තීරණ ගනු ලැබුව ද මූල්‍යමය උත්තේජක කපා දැමීම තුළින් සැපයුම් දාම ගැටලු විසඳෙන්නේ නැත. ඒ වෙනුවට අපට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් පසු කාලයේ මෙන් උපායමාර්ගික මිල පාලනය පිළිබද බැරෑරුම් සාකච්ඡාවක් ආරම්භ කිරීම යි.

Read More
ආර්ථික

පශ්චාත් නූතනවාදය හා නව ලිබරල්වාදය – ඩේවිඩ් හාවි

නව ලිබරල්වාදය සහ පශ්චාත්-නූතනවාදය අතර ඇති සම්බන්ධය පුද්ගලවාදය, වෙළඳපල මත පදනම් වූ තර්කනය සහ සාමූහික අනන්‍යතා සහ සාරධර්ම ඛාදනය කිරීම කෙරෙහි ඔවුන් විසින් දක්වන හවුල්කාරිත්වය අනුව තේරුම් ගත හැකිය. එමෙන්ම මතවාද දෙකම සාම්ප්‍රදායික ආයතන සහ ධූරාවලි ව්‍යුහයන්ට අභියෝග කරයි.

Read More
ආර්ථික

නැගී එන නව ලෝක ආර්ථිකය : රිචඩ් වුල්ෆ්

ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ තවත් බොහෝ රටවල කම්කරුවන් වීදි බැස කම්කරු ව්‍යාපාරයේ ආත්මය යළි පණගන්වමින් සිය අතෘප්තිය පෙන්නුම් කර ඇත. කම්කරු පන්තිය අතර පවතින මෙම සාමූහික නොසන්සුන්තාව අනාගතය සඳහා පොදු දැක්මක් යටතේ එක්සත් වේද යන්න දැන් ඇති ප්‍රධාන ප්‍රශ්නයයි. එය එසේ වුවහොත්, නැගී එන ගෝලීය ආර්ථිකය පරිවර්තනය කිරීමට පමණක් නොව, වරප්‍රසාද ලත් අතලොස්සක් අතට බලය සහ ධනය සංකේන්ද්‍රණය නොවන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීමේ අභිලාෂය ද සපුරාලීමට එයට හැකියාව ඇත. ඒ වෙනුවට, එය එහි වාසය කරන බහුතර ජනතාවගේ බලාපොරොත්තු සහ අවශ්‍යතා අනුව හැඩගැසුණු ලෝක ආර්ථිකයකට මඟ පෑදිය හැකිය.

Read More
ආර්ථික

අර්බුදයට විසඳුම : පටි තද කිරීම වෙනුවට ගැඹුරු ණය කප්පාදුව

ලංකාවේ 2022 වර්ෂයේ මුල් භාගයේ සිට මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටී. මෙහි මූලික ම අරමුණක් වන්නේ රජයේ වියදම් කපා හැරීම හා ආදායම් ඉහළ දමා ගැනීමයි තුළින් ණය බර අඩු කර ගැනීමයි. එසේත් නැතිනම් ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි.  පටි තද කර ගැනීම (austerity) ලෙස හැඳින්වෙන්නේත් මේ ක්‍රියාවලියයි. 2023 වර්ෂයේ ලංකාව සම්බන්ධ මූල්‍ය අරමුදල් වාර්තාවට අනුව ලංකාව ආදායම් මත පදනම් වූ ආදායම් එකාග්‍රතාවයක් අත්පත් කර ගත යුතු අතර ඒ  සඳහා දරා ගත නොහැකි ලෙස ජනතාව මත බදු ගැසීමට රජය කටයුතු කරමින් සිටී.

Read More