Category

Category: ආර්ථික

ආර්ථික

ඇයි විදුලි බල මණ්ඩලය?

හැම දෙනාම බලාගෙන සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලය දෙසය. විදුලි බල මණ්ඩලය මාතෘකාවක් වී තිබෙන්නේ ඇයි? වැඩකරන ජනතාව මත එහි වන ප්‍රතිවිපාකය කුමක්ද? විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයේ ප්‍රශ්නය, විදුලි බලය සැපයීම වෙලඳ මිලට කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොදන තෙරපුම හා ප්‍රශ්නකාරී අදානි ගනුදෙනුව පිලිබඳ මෙම ලිපිය තුල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.

Read More
ආර්ථික

සමපේක්ෂණය නිසා බඩු මිල ඉහල යන හැටි

ලංකාවේ ජනතාව මේ වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නයක් වෙන්නේ උද්ධමනයයි. ලංකාවේ ජනතාව විතරක් නෙවෙයි ගෝලීයවත් දැවෙන ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ උද්ධමනය. එනම් භාණ්ඩවල මිල ඉහල යාමේ වේගය සීඝ්‍ර ලෙස වැඩි වීම. ගෝලීයව භාණ්ඩ මිල ඉහල යාම නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින හා විදේශ විනිමය අස්ථායීභාවයන්ගෙන් බැට කන ලංකාව වැනි රටවල් වලට සංවර්ධිත රටවලට සාපේක්ෂව වඩා විශාල වන්දියක් ගෙවීමට සිදු වෙලා තිබෙනවා. ගෝලීය වෙලෙදපලින් මිලදී ගැනීමට අප සතුව ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැති වීම නිසාවෙන්ම අපට ඉතා අධික මිලක් ගෙවමින් භාණ්ඩ මිලදී ගන්නටත් සිදු වෙනවා.

Read More
ආර්ථික

විදේශ විනිමය කළු ආර්ථිකයේ නැගීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීම

ආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ විිසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත Rise of Black Economy for Foreign Exchange and Sri Lanka’s Economic Collapse නම් ලිපි මාලාවේ පළමු ලිපියේ සිංහල අනුවාදය පහත පල වේ. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව ලෙස දැනට ජනප්‍රියව පවතින පැහැදිලි කිරීම වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් 2020 දී කල බදු අඩු කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බල පෑ බවයි. මෙම මතය සහ ලිබරල් ආර්ථික ශාස්ත්‍රඥයන් ආර්ථික අර්බුදයට හේතු ලෙස දකින අනෙක් කරුණු අභියෝගයට ලක්කරන ධනූෂ ගිහාන් පතිරණ කළු ආර්ථිකය නම් වූ ව්‍යුහාත්මක සාධකයේ බලපෑම අප මුහුණ දී සිටින අර්බුදයට ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබෙන ආකාරය පෙන්වා දෙයි.

Read More
ආර්ථික

බැංකු සාදය ව්‍යාපාරිකයින්ට පමණයි. අඩු අදායම් ලාභීන්ට (මර)ණය!

මහජනයා වෙනුවෙන් ඇතිවූ බැංකු මහජනයා මඟ හැර ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කැට වන විට යුක්තිය පසිඳලන අධිකරණය සහ නීතිය ව්‍යාපාරිකයින් රකින සාමාන්ය ජනතාව කොල්ලකන බැංකු සහ මූල්‍ය කොම්පැනි සඳහා ආරක්ෂක වළල්ලක් වී ඇත.

Read More
ආර්ථික

ඓතිහාසික බැඳුම්කර වංචාව සහ විදේශ විනිමය අර්බුදය

බැඳුම්කර වංචාව විසින් රාජ්‍ය භාණ්ඩාගාර සුරැකුම්පත් වෙළදපොළට ඇති කරන ලද කම්පනය තව නොබො දිනකින් දැකගත හැකිවෙනු ඇත. එය මූල්‍ය වෙළදපොල විපාක ඇතුළත් අපරාධයකි, එය සංසන්දනය කළ හැක්කේ ලක්ෂ සංඛ්‍යාත පොදු මහජනයා අතර මන්දපෝෂණය ඇති කරමින් ජීවනෝපායන් විනාශ කරමින් සියලු කෘෂි රසායනික තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් හිටි හැටියේ ගනු ලැබු තීරණයටයි. මෙහිදී බැඳුම්කර වංචාවට හවුල් වූ ආයතන සහ පුද්ගලයින් විසින් අත්පත් කරගත් රුපියල් බිලියන 12ක් පමණ වන සෘජු ප්‍රතිලාභයන් මගින් අපරාධයේ වපසරිය තීන්දු කළ නොහැකි අතර සමස්ථ මූල්‍ය වෙළදපොල හා සංසන්දනයේදි එම නොගැණිය හැකි තරමේ ඉතා කුඩා ප්‍රමාණයකි.

Read More
ආර්ථික

IMF විසදුම කුමටද? කා සදහාද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජිත විසදුම ප්‍රතික්ෂේප කිරීමට හෝ පිලිගැනීමට පෙර එය කුමක්ද කියා වටහා ගැනීම ඉතාමත් වැදගත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබා දීමේදී එය බොහෝ විට ලබා දෙන්නේ ස්වෛරී රාජ්‍යයන් තමන්ගේ රටේ ආර්ථීකය යහපත් යැයි සලකා ඉදිරිපත් කරනා යෝජනා මත නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරනා ලබනු තක්සේරු මත සිටයි. මෑත කාලීනව ග්‍රීසිය හා ආජන්ටිනාව වැනි ණය අර්බුදයන්ගෙන් බැට කන ලද රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන ලද සාකච්ඡා තුල මෙය ඉතාමත් පැහැදිලි වේ. ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරුෆකිස් හා ආජන්ටිනාවේ මුදල් ඇමති මාර්ටින් ගුස්මාන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමදුල සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශ මගින් අපිට මෙම IMF යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ අදහසක් සකස් කර ගත හැකියි.

Read More