2022 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් හොන්ඩුරාස් රාජ්යයේ ජනාධිපතිනිය සියොමාරා කැස්ත්රෝ විසින් කළ කථාවේ සිංහල පරිවර්තනය පහත පල වේ. මධ්යම ඇමරිකානු රාජ්යයක් වන හොන්ඩුරාස් රාජ්යය ගෝලීය දකුණේ වෙනත් රටවල් මුහුණ දෙන ඌන සංවර්ධනය, ණයගැතිභාවය ආදී වූ ප්රශ්නවලින් බැට කන රටක් වන අතර, මෙම තත්වය වසර ගණනාවක නව ලිබරල් ප්රතිපත්ති විසින් වඩාත් උග්ර කොට තිබේ. 2022 වර්ෂයේ දී වාමගාමී ‘ජාතික විරෝධතා පෙරමුණ’ (National Resistance Front) නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග වැද ජයගත් සියොමාරා කැස්ත්රෝ දකුණු ඇමරිකාව තුල මේ වනවිට පුනර්ජීවනයට ලක්වෙමින් තිබෙන වාමාංශික හෝ වාමගාමී ආණ්ඩු ඇති වීමේ දෙවන ප්රවණතාවය - දෙවන රෝස රැල්ලට අයත් නායිකාවක ලෙස සැලකෙයි. ඇයගේ මෙම කථාව ගෝලීය දකුණේ රටවල සංවර්ධනය සඳහා නව ජාත්යන්තර ආර්ථික පර්යායක් ඇති වීමේ අවශ්යතාවය අවධාරණය කරන්නකි.
Read Moreට්‍රයිකොන්ටිනෙන්ටල් (Tricontinental) වාර ප්‍රකාශනයේ පල වූ Eight Contradictions of the Imperialist ‘Rules-Based Order’ ලිපියේ සිංහල පරිවර්තනය. ප්‍රතිවිරෝධතාවය විශ්ලේෂණය කිරීම මාක්ස්වාදී විශ්ලේෂණයේ මූලික ශික්ෂාවකි. මෙම සටහනෙහි වත්මන් ගෝලීය ධනවාදය තුළ ගැබ්වන ප්‍රතිවිරෝධතා කවරේදැ‘යි විමසීමේ මුලපිරීමක් අන්තර්ගත වේ.
Read MoreSilicon Valley බැංකුවේ බිඳවැටීමෙන් පසු, පෞද්ගලික බැංකු සෑම විටම විශ්වාසදායක හෝ ආරක්ෂිත නොවන බව පැහැදිලි වන අතර, පොදු බැංකුකරණය ශක්තිමත් විකල්පයක් ලෙස ඉදිරිපත් කරයි. පුද්ගලික කොටස් හිමියන්ගේ අවශ්‍යතාවලට වඩා ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන පොදු අයිතියේ මුල්‍ය ආයතන නිර්මාණය කිරීමෙන් අපට වඩාත් ස්ථාවර, සාධාරණ සහ තිරසාර මූල්‍ය පද්ධතියක් නිර්මාණය කළ හැකිය.
Read Moreපාකිස්තානය යනු පසුගිය කාලයේ පුවත් මැවූ රටකි. සාම්ප්‍රදායික දේශපාලනයෙන් පිටත සිට පැමිණි, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් අගමැති වීම ආදී වූ සුවිශේෂී සිදුවීම් ගණනාවක් එරට තුළ පසුගිය කාලයේ ඇති විය. මේ වනවිට, දැවැන්ත ආර්ථික අර්බුදයක් විසින් කැඳවනු ලබන බරපතල දේශපාලන අර්බුදයක් පිළිබඳ පෙරනිමිති පාකිස්තානය විසින් පෙන්නුම් කරමින් සිටියි.
Read Moreවසර කීපයකට පෙර අප අතරින් සමුගත් සමීර් අමීන් යනු ඊජිප්තු ජාතික මාක්ස්වාදියෙකි. කීර්තිමත් විශ්ලේෂකයෙකි. මාක්ස්වාදය සම්බන්ධ ගෝලීය දකුණේ ආඛ්‍යානයක් වර්ධනය කිරීම සම්බන්ධව ඔහු අති මහත් සම්ප්‍රදානයක් සිදු කොට තිබේ. යුක්‍රේන රුසියානු ගැටුමේ භූ දේශපාලන පසුබිම හා රුසියාවේ දේශපාලන සැකැස්ම පිලිබඳ ඔහු මෙහිදී පල කරන අදහස්, මෙම ගැටුම තීව්‍ර වී තිබෙන වර්තමානය කියවා ගැනීම සඳහා වැදගත් වනු ඇත.
Read More2016 වසර මුලදී ස්පාඤ්ඤයේ වයියදොලිද් හිදී පැවති රැස්වීමකදී පොදෙමෝස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් වම දිනවිය හැකි ආකාරය පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. පහතින් දැක්වෙන්නේ ඒ කතාවේ සාරාංශයකි. මෙය ජැකොබින්(Jacobin) වෙබ් අඩවිය සඳහා රචනා කරන ලද්දේ එනරිකේ දියාස්-අල්වරේස් විසිනි.
Read More