ශ්‍රී ලංකා මහ බැංකුව ‘ස්වාධීන’ කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මහ බැංකුව ස්වාධීන කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආණ්ඩුව මත පනවා තිබෙන එක් කොන්දේසියකි. මෙම අදහස පිලිබඳ ආර්ථික විද්‍යාඥ හාවඩ් නිකලස් පසුගිය දා සිරස රූපවාහිනියේ වැඩසටහනක සම්බන්ධ වෙමින් පල කල අදහස්වල පරිවර්තනයක් පහත පල වේ. අදාල පනත පිලිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් ප්‍රතිවාද කණ්ඩායම විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇත.
Read Moreපහුගිය අවුරුද්දේ දේශපාලන කැළඹීම දිහා අපි බලමු. දශක ගාණක යූඇන්පි – ශ්‍රීලංකා ප්‍රධාන පිල් බෙදීමේ තට්ටුමාරු ආණ්ඩුකරණයකින් පස්සෙ, ඔවුන් විසින් 2022 වෙද්දි අපේ රට නිළ වශයෙන් බංකොලොත් රටක් බවට පත්කළා. කලින් හිටිය පාලකයන් වගේම රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා, සිරිසේනලා මේකට හරිහරියට වගකිව යුතුයි. 1977 න් පස්සෙ ක්‍රියාත්මක කළ නවලිබරල් ආර්ථික සැලැස්ම ඇතුළේ මේ බංකොලොත් වීම අනිවාර්‍යයක් බවට පත් කළා. ඒ වගේම රාජපක්ෂලා විසින් ඒක වේගවත් කළා. ඒ වගේම ගෝඨාභය ඇතුළු වියත්මඟ මොට්ට නඩය ලංකාවේ ආර්ථිකයේ මිනීපෙට්ටියට අන්තිම ඇනයත් ගැහුවා.
Read Moreශ්‍රී ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලි කිරීමට මහා න්‍යායික පර්යාලෝක අවශ්‍ය නොවේ. 2022 වසරේ මුල සිට ඉන්ධන අර්බුදය, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණය වීම, විදුලිය කප්පාදුව ආදී දුෂ්කරතා රැසකට මහජනයා මුහුණ දෙමින් සිටිති. මෙම අර්බුදය හුදෙක් ආර්ථික අර්බුදයක් පමණක් නොව එකිනෙක ගැට ගැසී ඇති විශාල දේශපාලන, මෙන්ම සමාජීය-සංස්කෘතික අර්බුදයක්ද වේ. එනයින් මෙම අර්බුදය විසින් අපගේ සමාජය දේහය තුළ ජනනය කොට ඇති බහුමානීය සමාජීය ප්‍රතිඵල සම්බන්ධව විමසා බැලීම මෙම ලිපිය මගින් සිදු වේ.
Read Moreඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ලෙස හදුන්වන පනත් කෙටුම්පතක් විවාදයට ගනු ඇත. මෙම පනත් කෙටුම්පත මගින් අරමුණු කරන්නේ “නොමග ගිය සටන්කරුවන්“, “අන්තගාමි හෝ විනාශකාරි කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්“ සහ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සදහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම පනත් කෙටුම්පත වධ කදවුරු නීත්‍යානුකූල කරන භයානක නීතියකි. මෙය විශාල භීතියක් ඇති කළ හැකි බව පෙනි යනු ඇතත් පනත් කෙටුම්පත කියවීම තුලින් වගන්තියෙන් වගන්තියට අනාවරණය වන්නේ මෙය මගින් වධ හිංසාව යටතට වැටෙන පුලුල් වපසරියක් පුරා දිවෙන අයුතු සැලකිම් වලට නෛතික ආරක්ශාව ලබා දෙන බවයි.
Read Moreපසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 06) ජිනීවා හිදි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමත් සමග රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රලාපයන්ගේ දිග පළල පිළිබද උපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලයන් තුළ වෛරල් වීමට පටන් ගැණුනි. මෙය එක්තරා ආකාරයක නව ප්‍රවණතාවයක් ලෙසද හදුනාගත හැකිය. මෙම ප්‍රවණතාවයේ ආරම්භය ලෙස රනිල් වික්‍රමසිංහ විසින් දෙවන එලිසබෙත් රැජිණගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් නම් කිරීමත් මහත් උනන්දුවකින් එකී අවමංගල උත්සවයට සහභාගී වීමත් ගත හැකිය. ඉන් නොනැවති ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය කරා පිටත් වීමේ පුවතද මෙම නව ප්‍රහසන රැල්ලට එක් කළ පිදුරු ගොඩකි. මලගෙවල් වල රැය පහන් කරමින් පාලු මකන්නෙකුගේ සිට ශෝකයට පත් ඥාතීන්ගෙන් අතමාරුවක් ඉල්ලන කරදරකාරයෙක් දක්වා වන වපසරියක දේශපාලන උපහාසයන්ගෙන් එම කාලය පිරි පැවතුණි. මෙම උපහාස රැල්ලේ පරිසමාප්තිය රනිල් වික්‍රමසිංහගේ ජිනිවා පරාජයෙන් සලකුණු විණි යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.
Read Moreඅරගලයේ ආරම්භය ගෝල්ෆේස් කේන්ද්‍ර වු දෙයක් බවට සරල අදහසක් තිබුණද, එය ඊට වඩා සංකීර්ණ දෙයකි. අරගලයේ අනාගතය පුරෝකථනය කිරීමට නම් අරගලයේ ආරම්භය ඇත්ත වශයෙන්ම සිදු වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. අරගලය ආරම්භ වීමට හේතුව නම් කාරණා 4ක් එක මත එක සමපාත වීමයි. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩල 3ක් පලවා හැරිමට තරම් ප්‍රබල දැවැන්ත රැල්ලක් ලෙස අරගලය පැන නැගුනේ කාරණ හතරක් එක විට සිදු වූ විටයි.
Read More