Category

Author: Thishan Koswaththa

ආර්ථික

උපායමාර්ගික මිල පාලනය උද්ධමනයට එරෙහිව සටන් කිරීමට උපකාරී කර ගත හැකි ද? – ඉසබෙලා වෙබර්

උද්ධමනය වසර 40 කට පසුව එහි ඉහළ ම අගය වාර්තා කිරීමට ආසන්න ය. ලොව පුරා මධ්‍යම බැංකු විසින් මෙයට මැදිහත් වීමට පොරොන්දු ලබා දී ඇත. කෙසේ නමුත් මිල ගණන් ඉහළ යාමට බලපෑ තීරණාත්මක සාධකයක් කෙරෙහි අවධානය විශාල වශයෙන් මග හැරෙමින් පවතී. විශාල ලෙස ලාභ ඉහළ යාම එම තීරණාත්මක සාධකය යි. 2021 වසරේදි එක්සත් ජනපද මූල්‍ය නොවන ලාබ අන්තරය දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතව පැමිණි වසරවල්වල දී පවා නොදුටු අන්දමේ ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. මෙය අහම්බයක් නොවේ. යුද්ධය අවසාන වීම විසින් නිෂ්පාදන ප්‍රතිව්‍යුහගතකරණයක් හදිසියේ ඉල්ලා සිටියේ ය. එමගින් අවහිරතාවයන් (bottlenecks) ඇති වූ අතර එය කොවිඩ් වසංගත කාලයේ ඇති වූ අවහිරතාවයන්ට සමාන ය. එදා මෙන්ම අද ද වෙළෙඳපොළ බලය සහිත විශාල සමාගම් සැපයුම් දාමයේ ගැටලු මිල ගණන් ඉහළ නැංවීමට සහ විශාල ලෙස ලාභ ගරා ගැනීමට භාවිතා කරයි. ඇ.එ.ජ. ෆෙඩරල් රිස(ර්)වය විසින් දැඩි තීරණ ගනු ලැබුව ද මූල්‍යමය උත්තේජක කපා දැමීම තුළින් සැපයුම් දාම ගැටලු විසඳෙන්නේ නැත. ඒ වෙනුවට අපට අවශ්‍ය වන්නේ යුද්ධයෙන් පසු කාලයේ මෙන් උපායමාර්ගික මිල පාලනය පිළිබද බැරෑරුම් සාකච්ඡාවක් ආරම්භ කිරීම යි.

Read More
ආර්ථික

පශ්චාත් නූතනවාදය හා නව ලිබරල්වාදය – ඩේවිඩ් හාවි

නව ලිබරල්වාදය සහ පශ්චාත්-නූතනවාදය අතර ඇති සම්බන්ධය පුද්ගලවාදය, වෙළඳපල මත පදනම් වූ තර්කනය සහ සාමූහික අනන්‍යතා සහ සාරධර්ම ඛාදනය කිරීම කෙරෙහි ඔවුන් විසින් දක්වන හවුල්කාරිත්වය අනුව තේරුම් ගත හැකිය. එමෙන්ම මතවාද දෙකම සාම්ප්‍රදායික ආයතන සහ ධූරාවලි ව්‍යුහයන්ට අභියෝග කරයි.

Read More
දේශපාලන

චම්පික රණවකගේ රිපබ්ලිකන් පෙරමුණ

වාමාංශික ජනතාවාදී ව්‍යාපාරයේ ප්‍රභාව විසින් අර්බුදයට යවන ලද සංස්ථාපිත දේශපාලනය — ඒ කියන්නේ පරපුටු ව්‍යාපාරික පන්තිය, දේශපාලන පැලැන්තිය හා රාජ්‍ය නිලධාරී තන්ත්‍රයෙන් යුක්ත රෙජිමය මේ වනවිට පැවැත්ම පිලිබඳ අර්බුදයකට මුහුණ දී සිටී. අර්බුදයන් යනු නොසිතූ විරූ පෙරලි සිදුවිය හැකි අවස්ථාවන් ය. දේශපාලන ධ්‍රැවීකරණයන්, පැරණි පසමිතුරුතා වෙනුවට නව පසමිතුරුකම් කරලියට ඒම, පැරණි කණ්ඩායම් බෙදීම් අබිබවා නව කණ්ඩායම්ගත වීම් මතු වීම මෙබඳු යුගවල සිදු වේ. සමාජ විපර්යාසයක අභියෝගය මතු වූ කල, දේශපාලන සංස්ථාපිතයන් විසින් එම අභියෝගය තුළ තිබෙන යම් යම් ගති ලක්ෂණ අවස්ථාවාදී ලෙස උකහා ගෙන ‘ප්‍රතිසංස්කරණය වූ විලාශයෙන්’ පෙනී සිටීම හරහා විරෝධය සමථ කිරීමට උත්සාහ කිරීම ද දේශපාලන ඉතිහාසය තුල දක්නට ලැබෙන්නකි.

Read More
ආර්ථික

නැගී එන නව ලෝක ආර්ථිකය : රිචඩ් වුල්ෆ්

ප්‍රංශය, ජර්මනිය, ඉරානය සහ තවත් බොහෝ රටවල කම්කරුවන් වීදි බැස කම්කරු ව්‍යාපාරයේ ආත්මය යළි පණගන්වමින් සිය අතෘප්තිය පෙන්නුම් කර ඇත. කම්කරු පන්තිය අතර පවතින මෙම සාමූහික නොසන්සුන්තාව අනාගතය සඳහා පොදු දැක්මක් යටතේ එක්සත් වේද යන්න දැන් ඇති ප්‍රධාන ප්‍රශ්නයයි. එය එසේ වුවහොත්, නැගී එන ගෝලීය ආර්ථිකය පරිවර්තනය කිරීමට පමණක් නොව, වරප්‍රසාද ලත් අතලොස්සක් අතට බලය සහ ධනය සංකේන්ද්‍රණය නොවන ආර්ථික ක්‍රමයක් නිර්මාණය කිරීමේ අභිලාෂය ද සපුරාලීමට එයට හැකියාව ඇත. ඒ වෙනුවට, එය එහි වාසය කරන බහුතර ජනතාවගේ බලාපොරොත්තු සහ අවශ්‍යතා අනුව හැඩගැසුණු ලෝක ආර්ථිකයකට මඟ පෑදිය හැකිය.

Read More