ඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ලෙස හදුන්වන පනත් කෙටුම්පතක් විවාදයට ගනු ඇත. මෙම පනත් කෙටුම්පත මගින් අරමුණු කරන්නේ “නොමග ගිය සටන්කරුවන්“, “අන්තගාමි හෝ විනාශකාරි කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්“ සහ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සදහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම පනත් කෙටුම්පත වධ කදවුරු නීත්‍යානුකූල කරන භයානක නීතියකි. මෙය විශාල භීතියක් ඇති කළ හැකි බව පෙනි යනු ඇතත් පනත් කෙටුම්පත කියවීම තුලින් වගන්තියෙන් වගන්තියට අනාවරණය වන්නේ මෙය මගින් වධ හිංසාව යටතට වැටෙන පුලුල් වපසරියක් පුරා දිවෙන අයුතු සැලකිම් වලට නෛතික ආරක්ශාව ලබා දෙන බවයි.
Read Moreඅරගලයේ ආරම්භය ගෝල්ෆේස් කේන්ද්‍ර වු දෙයක් බවට සරල අදහසක් තිබුණද, එය ඊට වඩා සංකීර්ණ දෙයකි. අරගලයේ අනාගතය පුරෝකථනය කිරීමට නම් අරගලයේ ආරම්භය ඇත්ත වශයෙන්ම සිදු වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. අරගලය ආරම්භ වීමට හේතුව නම් කාරණා 4ක් එක මත එක සමපාත වීමයි. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩල 3ක් පලවා හැරිමට තරම් ප්‍රබල දැවැන්ත රැල්ලක් ලෙස අරගලය පැන නැගුනේ කාරණ හතරක් එක විට සිදු වූ විටයි.
Read More