පුවත
ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී එහි සභාපති ටාන්‍යා අබේසුන්දර ප්‍රකාශ කර තිබුණේ, නිසි ලෙස වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 4500කට අයත් සේවකයන් ලක්ෂ 45කට ඉදිරි මාස කිහිපය තුල පාරට වැටීමට නියමිත බවයි. ඇය සදහන් කරන පරිදි සේවකයන්ට පවතින වැටුප යටතේ ජීවත්විය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත්, එය තමන්ටද තේරෙන බවත්, තමන් පවා ඔවුනට වැඩි වැටුපක් දීමට කැමති මුත් පවතින තත්වය තුල එසේ කළ නොකල හැකි බවයි. ඒ නිසා තම ව්‍යවසායන් ඉදිරි මාස කිහිපය තුල වැසී යා හැකි බවයි.
ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට හා රජයේ කටයුතු වලට රැපියල් ට්‍රිලියනයක මුදල් අච්චු ගැසීමට සූදානම් උවත්, මහබැංකු අධිපතිවරයා කියන පරිදි බැංකු වල ණය ගෙවීම් ආදියෙදී පවා කිසිදු සහනයක් නොලැබෙන තත්වයක් තුල තම ව්‍යාපාර අනතුරට ඇද දමා ඇති බවයි.
තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා ප්‍රකාශ කර තිබුනේ, රජයෙන් විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි මාස කිහිපයේදී සියලු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකු ණය ගෙවා ගත නොහැකි වන බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යනු ලංකාවේ බැංකු පද්දතියේ කොදු නාරටිය බවත්. මෙලෙස ඒවා කඩා වැටීම ගැටලුවක් වන බවත් ඔහු පැවැසීය.
ඉදිරි මාස කිහිපය තුළ දේශීය කර්මාන්ත වැසී යාමත් ඇගලුම් කර්මාන්තයෙන් 30%ක් පමණ විදේශ කරා ඇදී යනු ඇති බවත් ඔහු අනතුරු ඇගවීය.
2012 සංඛ්‍යාලේඛන වලට අනුව ලංකාවේ කුඩා ව්‍යාපාර යැයි සැලකියහැකි ව්‍යාපාර හා සම්බන්ද ව්‍යවසායකයින් ලක්ෂ 10ක් පමණ සිටි බව කියවේ. අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ කොපමණද යන්න ගැන සංඛ්‍යාලේඛන පවා නොමැත.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ එසේ වෙද්දී මේ වන විට සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රය න්හි විශාල වැටුප් කප්පාදුවකට මුලපුරා ඇත.
පසු සටහන
පවතින ආර්ථික අර්බුදය සම්බන්දව ආණ්ඩුවේ උපායමාර්ග යේ කේන්ද්‍රය වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයයි. ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහල නැංවීම හා ඉහත සදහන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දුන් බැංකු සහන ලබා නොදීම. ඩොලරයේ අගය ඉහල යාම වැනි සියල්ලේ අවසන් නිෂ්ඨාව වන්නේ ආර්ථික ය හැකිලී යාමයි. උද්ධමනය අඩු කිරීමට ඔවුන්ගේ උපායමාර්ගය වන ආර්ථික ය හැකිලීම නිසා රැකියා අහිමි වීම අනිවාර්ය කි. එය මහබැංකු අධිපතිවරයාම පසුගියදා මෙය ප්‍රකාශ කර තිබුණි. කෝවිඩ් සමයේ මෙකී බැංකු සහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැබුන නිසා රැකියා අහිමිවීම් අඩු විනි. නමුත් දැන් රජය පවසන්නේ දැන් එම සහන ලබා දිය නොහැකි බවයි. මෙහි සැබෑ හේතුව ඇත්තේ රජයේ ආර්ථික උපායමාර්ගයයි. සැබැවින්ම මුදල් අච්චු ගැසීම සම්බන්ද ගැටලුවේදීද ඇත්තේ ඒ මුදල් යොදවන්නේ මොණවාටදැයි යන ප්‍රශ්නයයි. ඒවා නිශ්චිතව ඉහත සදහන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැවි අංශ වෙත යොදවන මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් තිබුනේ නම් මේ ගැටලුවලට විසදුම් සෙවිය හැකි වනු ඇත. නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපායමාර්ග අනුව සිදුවන්නේ අර්ථිකය හැකිලීම නිසා. බඩගිනි හමුදාවක් ඇති වීමයි. ඉහත පුවත එහි කසකරුවෙකි.
සටහන – නිශාන්ත බණ්ඩාර
Comments (0)