Category

Tag: torture centres

කාලීන

වධ කඳවුරු නීත්යානුකූල කරන පුනරුත්ථාපන පනත් කෙටුම්පත

ඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුව විසින් පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත ලෙස හදුන්වන පනත් කෙටුම්පතක් විවාදයට ගනු ඇත. මෙම පනත් කෙටුම්පත මගින් අරමුණු කරන්නේ “නොමග ගිය සටන්කරුවන්“, “අන්තගාමි හෝ විනාශකාරි කඩාකප්පල් ක්‍රියාවල නිරත තැනැත්තන්“ සහ ඖෂධ වලට ඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම සදහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. මෙම පනත් කෙටුම්පත වධ කදවුරු නීත්‍යානුකූල කරන භයානක නීතියකි.  මෙය විශාල භීතියක් ඇති කළ හැකි බව පෙනි යනු ඇතත් පනත් කෙටුම්පත කියවීම තුලින් වගන්තියෙන් වගන්තියට අනාවරණය වන්නේ මෙය මගින් වධ හිංසාව යටතට වැටෙන පුලුල් වපසරියක් පුරා දිවෙන අයුතු සැලකිම් වලට නෛතික ආරක්ශාව ලබා දෙන බවයි.

Read More