ලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ බරපතල ලෙස අර්බුදයට ලක්ව සිටින පක්ෂයක් වන්නේ ප්‍රධාන නිල විපක්ෂය වන සමගි ජන බලවේගයයි. බොහෝ විචාරකයන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ පා සිටින අර්බුදය පිලිබඳ අදහස් දැක්වූවත්, සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය පිලිබඳ වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එලියට පෙනෙන කඩු හරඹ එතරම් සුලභ නොවූවද, අපට අනුව, මෙම දේශපාලන සංධිස්ථානයේ දී වඩාත්ම බලගතු උභතෝකෝටිකයට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුනාගත හැකිය.
Read Moreඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ පා ගමනට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය අලුත් යමක් නොවේ. 2022 ජූලි මස සිට, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ රට තුල සිදුවෙමින් තිබෙන ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදුවේ එක් අවස්ථාවක් ලෙස මෙම ම්ලේච්ඡ පහර දීම සලකුණු වේ. කිසිදු පා ගමනක් පැවැත්විය නොහැක යන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නීතිය බවට පත්ව තිබේ.
Read Moreපහුගිය අවුරුද්දේ දේශපාලන කැළඹීම දිහා අපි බලමු. දශක ගාණක යූඇන්පි – ශ්‍රීලංකා ප්‍රධාන පිල් බෙදීමේ තට්ටුමාරු ආණ්ඩුකරණයකින් පස්සෙ, ඔවුන් විසින් 2022 වෙද්දි අපේ රට නිළ වශයෙන් බංකොලොත් රටක් බවට පත්කළා. කලින් හිටිය පාලකයන් වගේම රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා, සිරිසේනලා මේකට හරිහරියට වගකිව යුතුයි. 1977 න් පස්සෙ ක්‍රියාත්මක කළ නවලිබරල් ආර්ථික සැලැස්ම ඇතුළේ මේ බංකොලොත් වීම අනිවාර්‍යයක් බවට පත් කළා. ඒ වගේම රාජපක්ෂලා විසින් ඒක වේගවත් කළා. ඒ වගේම ගෝඨාභය ඇතුළු වියත්මඟ මොට්ට නඩය ලංකාවේ ආර්ථිකයේ මිනීපෙට්ටියට අන්තිම ඇනයත් ගැහුවා.
Read More80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්, 20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.
Read More