ශ්‍රී ලංකාව එහි "නිදහසෙහි" සිට ම මුහුණ පෑ දරුණුම ආර්ථික අර්බුදයට දැන් ලක් වී සිටියි. මෙරට පාර්ලිමේන්තු දේශපාලනය ද අර්බුදයකට ඇද දමමින් රටේ ආර්ථික අර්බුදය දේශපාලන අවකාශයට පිටාර ගලා ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පතුරු ගැලවී ඇත. ඉදිරියටත් එසේ වන බව පෙනෙන්නටද ඇත. මේ දේශපාලන කට්ටි ගැසීම් ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිණිස දරන හිස ගිනි ගත් වෑයමකි. එහෙත් ඒ දේශපාලන ආස්ථාන, මෙහි පවතින ආර්ථික අර්බුදයේ නාඩියට අනුකූල නොවේ. අප ඉදිරියෙහි ඇති චංචල දේශපාලන වාතාවරණයට හසුව මේ තදියම්කාර දේශපාලන සම්මුති අතු ගෑවී යනු ඇත. තවද, ඉබේ එළැවෙතැයි සිතන කෙටි කාලීන දේශපාලනය ඉදිරියෙහිදී යල් පනිනු ඇත. ඊට හේතු දෙකක් වෙයි. එක් අතෙකින්, අප රටෙහි දැන් ඇති ආර්ථික අර්බුදය කෙළි සෙල්ලමට නොගෙන ඊට මැදිහත් වීමේ පිළිවෙතක් වුවමනාය. දෙවනුව සැළැකිය යුත්තේ ලෝක ආර්ථිකය නව ප්‍රගතිශීලී සුසමාදර්ශ වෙනසකට එළැඹෙමින් ඇති බවයි.
Read Moreලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ බරපතල ලෙස අර්බුදයට ලක්ව සිටින පක්ෂයක් වන්නේ ප්‍රධාන නිල විපක්ෂය වන සමගි ජන බලවේගයයි. බොහෝ විචාරකයන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ පා සිටින අර්බුදය පිලිබඳ අදහස් දැක්වූවත්, සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය පිලිබඳ වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එලියට පෙනෙන කඩු හරඹ එතරම් සුලභ නොවූවද, අපට අනුව, මෙම දේශපාලන සංධිස්ථානයේ දී වඩාත්ම බලගතු උභතෝකෝටිකයට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුනාගත හැකිය.
Read More