Category

Tag: IMF

දේශපාලන

EPF කොල්ලය නොහොත් පන්ති යුද්ධය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මෙම මූල්‍ය ධනපති කොටස් විරෝධය පල කල විට ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුව එම විරෝධය පිලි ගත්තේය. ඒ අනුව මූල්‍ය ධනපති පන්තියට කිසිදු අත තැබීමක් සිදු නොකොට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර සේවක අර්ථ සාධක අරමුදල මත ; එනම් මෙරට වැඩ කරන ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කලේය.

Read More
දේශපාලන

වීරවංශගේ අධිරාජ්‍ය විරෝධය සහ අපේ අධිරාජ්‍ය විරෝධය

තෙවැනි කරුණ, වීරවංශ බඳු පිරිස් විශ්වාසය තබන දේශපාලන ව්‍යාපෘතියේ පන්තිමය ස්වභාවය යි. මේ වනවිට උත්තර ලංකා සභාගය වටා ඒකරාශී වී සිටින, බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල දේශපාලන නියෝජිතයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි. විමල් වීරවංශ තවම විස්සෝප වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයෙන් එලැවීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ පන්තිමය පසුබිම කවරක්ද? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලක්, මිලිටරිවාදී මනසින් යුක්ත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී සමූහයක් හා ‘වියත් මග′ ලෙස සංවිධානය වූ, සංරක්ෂණවාදී අදහස්වලින් හෙබි මධ්‍යම පන්තික වෘත්තිකයන් පිරිසක් එම ව්‍යාපෘතියේ අරටුව සංයුක්ත කළේ ය. කවර හෝ ප්‍රබුද්ධ ලෝක දැක්මකින් තොර මේ පිරිස්, හුදු කෙටිකාලීන ප්‍රතිලාභයන්ගේ ප්‍රේරණය වූ ස්ථරයකි.

Read More
කාලීන දේශපාලන

කුමාර් ගුණරත්නම්ගේ “අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව” ගැන අපේ අදහස…

අන් කවරදාකටත් වඩා දේශපාලනිකව, පන්තිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතින, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ හා කණ්ඩායම් එක මිටකට තබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන මොහොතක නැවතත් “රනිල් එළවීම සඳහා” එසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත සියලු අපත රාශීන් එක්කොට “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.

Read More
කාලීන

තෙල් සංස්ථාව විකිණීම: බොරුවලට පිළිතුරු

විදේශ සමාගම් තුනකට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ලැබුණු බව ඛනිජ තෙල් ඇමති කංචන විජේරත්න පවසා තිබේ. ඒ අනුව මෙම සමාගම් තුනට ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීමට, ගබඩා කිරීමට බෙදා හැරීමට සහ විකිණීමට වසර 20ක බලපත්‍රයකට යටත්ව අවස්ථාව හිමි වෙනු ඇත. චීන රජයේ සමාගමක් වන Sinopec, United Petroleum of Australia සහ ඇ.එ. ජනපද සමාගමක් වන RM Parks එම සමාගම් තුනයි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළේ 80% ක පමණ හිමිකාරිත්වයක් පවතින්නේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ය. 20% ක පමණ ඉතිරි කොටස ඉන්දියානු රාජ්‍ය සමාගමක් වන IOC සමාගම සතු වේ. මේ තීරණයත් සමග ඛනිජ තෙල් වෙළෙඳපොළ තුළ ඛනිජ තෙල් සංස්ථාවට හිමි ඒකාධිකාරය අහිමිව යනු ඇත. පළමු වටයේ දී ඛනිජ තෙල් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන ඉන්ධන අලෙවිසැල් 450ක් මෙම සමාගම් තුන වෙත බෙදා දීමට නියමිතය.

Read More
කාලීන

මහ බැංකු ‘ස්වාධීනත්වය’ ප්‍රජාතන්ත්‍ර විරෝධීයි – හාවඩ් නිකලස්

ශ්‍රී ලංකා මහ බැංකුව ‘ස්වාධීන’ කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මහ බැංකුව ස්වාධීන කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආණ්ඩුව මත පනවා තිබෙන එක් කොන්දේසියකි. මෙම අදහස පිලිබඳ ආර්ථික විද්‍යාඥ හාවඩ් නිකලස් පසුගිය දා සිරස රූපවාහිනියේ වැඩසටහනක සම්බන්ධ වෙමින් පල කල අදහස්වල පරිවර්තනයක් පහත පල වේ. අදාල පනත පිලිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් ප්‍රතිවාද කණ්ඩායම විසින් ඉදිරියේ දී ඉදිරිපත් කරනු ඇත.

Read More
දේශපාලන

ක්‍රිස්ටිනා ජෝර්ජියේවාගේ ලංකා කොලනිය

ඊයේ දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ පා ගමනට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය අලුත් යමක් නොවේ. 2022 ජූලි මස සිට, රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිධූරය යටතේ රට තුල සිදුවෙමින් තිබෙන ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදුවේ එක් අවස්ථාවක් ලෙස මෙම ම්ලේච්ඡ පහර දීම සලකුණු වේ. කිසිදු පා ගමනක් පැවැත්විය නොහැක යන්න රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ නීතිය බවට පත්ව තිබේ.

Read More