Category

Tag: Developmentalist state

කාලීන

ජාතික ජන බලවේගය සහ විකටරූපී විවේචන

මේ වනවිට දක්නට ලැබෙන තත්වය අනුව, බොහෝ විට වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට උපකල්පනය කළ හැක. මෙම පසුබිම තුල, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර තීව්‍ර ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරයක් දැකගැනීමට පුලුවන. සමගි ජන බලවේගය විසින්, විශේෂයෙන් එහි ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ඩි සිල්වා හා එරාන් වික්‍රමරත්න වැනි අයගේ පාර්ශවයෙන් මේ වනවිට ජාතික ජන බලවේගයට එරෙහි දැඩි ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මෙම වාග් ප්‍රහාරයේ දැකිය හැකි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ‘සමාජවාදය’, ‘මාක්ස්වාදය’ ආදිය ගැන කෙරෙන සැඳහුම් කිරීම්ය. පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළ හර්ෂ ඩි සිල්වා ප්‍රකාශ කලේ ඔවුන්ට විවාද කල නොහැකි නම්, මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ පින්තූර තුනක් සමග ගාලු මුවදොර පිටියේ විවාදයක් කිරීමට සජබ ආර්ථික කමිටුවේ සාමාජිකයන් තිදෙනා සූදානම් බවයි. මෙම ප්‍රහාරය සමග සෝවියට් සංගමය බිඳ වැටීම සහ චීනය වෙලඳපොල ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කිරීම සමාජවාදයේ අසාර්ථකත්වය පෙන්වන සංසිද්ධීන් ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ සියල්ල යට තිබෙන හැගවුම නම්, ජාතික ජන බලවේගය සෝවියට් සමාජවාදී ආකෘතිය තුල සිර වී සිටින බවත්, නූතන ලෝකය තුල ආණ්ඩුකරනය සඳහා නුසුදුසු බවත් කියා පෑමය.

Read More