දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මෙම මූල්‍ය ධනපති කොටස් විරෝධය පල කල විට ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුව එම විරෝධය පිලි ගත්තේය. ඒ අනුව මූල්‍ය ධනපති පන්තියට කිසිදු අත තැබීමක් සිදු නොකොට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර සේවක අර්ථ සාධක අරමුදල මත ; එනම් මෙරට වැඩ කරන ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කලේය.
Read Moreනව ලිබරල්වාදය සහ පශ්චාත්-නූතනවාදය අතර ඇති සම්බන්ධය පුද්ගලවාදය, වෙළඳපල මත පදනම් වූ තර්කනය සහ සාමූහික අනන්‍යතා සහ සාරධර්ම ඛාදනය කිරීම කෙරෙහි ඔවුන් විසින් දක්වන හවුල්කාරිත්වය අනුව තේරුම් ගත හැකිය. එමෙන්ම මතවාද දෙකම සාම්ප්‍රදායික ආයතන සහ ධූරාවලි ව්‍යුහයන්ට අභියෝග කරයි.
Read Moreතෙවැනි කරුණ, වීරවංශ බඳු පිරිස් විශ්වාසය තබන දේශපාලන ව්‍යාපෘතියේ පන්තිමය ස්වභාවය යි. මේ වනවිට උත්තර ලංකා සභාගය වටා ඒකරාශී වී සිටින, බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල දේශපාලන නියෝජිතයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි. විමල් වීරවංශ තවම විස්සෝප වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයෙන් එලැවීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ පන්තිමය පසුබිම කවරක්ද? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලක්, මිලිටරිවාදී මනසින් යුක්ත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී සමූහයක් හා ‘වියත් මග′ ලෙස සංවිධානය වූ, සංරක්ෂණවාදී අදහස්වලින් හෙබි මධ්‍යම පන්තික වෘත්තිකයන් පිරිසක් එම ව්‍යාපෘතියේ අරටුව සංයුක්ත කළේ ය. කවර හෝ ප්‍රබුද්ධ ලෝක දැක්මකින් තොර මේ පිරිස්, හුදු කෙටිකාලීන ප්‍රතිලාභයන්ගේ ප්‍රේරණය වූ ස්ථරයකි.
Read Moreඉතිහාසයේ ප්‍රථම වරට කියුබාවේ මැයි දින රැළි නොපැවැත්වීමට කියුබානු රජය මෙවර තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ මේ වන විට කියුබාවේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයයි. අර්බුදයත් සමඟ ම කියුබානු රජය මේ වන විට ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන අතර ඒ නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව අපට දැකගත හැකිය. මෙයට හේතුව සමාජවාදය බව මෙරට ඊනියා නව ලිබරල්වාදීන් පෝලිම් දෙස බලමින් උදම් අනමින් සිටිති.
Read More