Category

Tag: යානිස් වරුෆකිස්

දේශපාලන

නව ලෝක ආර්ථිකයක් – නව නොබැඳි ව්‍යාපාරයක්! – යානිස් වරුෆකිස් (දෙවන කොටස)

නොබැඳි යනුවෙන් දේශපාලනිකව හා ආචාරධාර්මිකව අදහස් කරන්නේ කුමක්ද යන්න මේ අවස්ථාවේ අපි පැහැදිලි කර ගත යුතුයි. එහි අදහස කිසිසේත්ම මධ්‍යස්ථතාවය නෙමෙයි. ඇතන්ස් ප්‍රකාශනයේ අප සඳහන් කල ලෙසට, අප පැහැදිලිවම ආක්‍රමණයට ලක්වූ අයගේ, ආක්‍රමණයේ වින්දිතයාගේ පැත්ත ගන්නවා. මධ්‍යස්ථතාවයක් අපට එතැන දී අදාල නැහැ. එය පලස්තීනය, යේමනය, බටහිර සහරාව සහ ඔවු, යුක්‍රේනය විය හැකියි. එහෙත් ඒ වගේම, ලෝකයේ කොතැනක සිදුවූවත්, මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝණය වන විට, අප තමයි එය විවේචනය කිරීමේ ඉදිරියෙන්ම සිටිය යුත්තේ. අපගේ නව නොබැඳි ව්‍යාපාරය ඊනියා ලිබරල්වාදීන් හා ලිබටේරියන්වාදීන් අත තිබෙන නිදහස පිලිබඳ සටන් පාඨය උදුරා ගත යුතුයි ; අපගේ සහෝදරවරුන් වෙඩි තබා ඝාතනය කෙරෙන පෙරු දේශයේ සිට, ‘ස්ත්‍රිය-ජීවිතය-නිදහස' යන සටන් පාඨය ඔස්සේ නිර්භීත පිරිමින්ව මෙහෙයවමින් සිටින ඉරානයේ නිර්භීත ගැහැණුන් දක්වා සියලු දෙනාට අපගේ සහයෝගය ලබා දිය යුතු වේ. ඒත්, ඔබ කියාවි. ඉරාන ආණ්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රතිරෝධය දක්වනවා නොවේද? පැහැදිලිවම. එහෙත්, ආණ්ඩුවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ගැටුමක සිටි පමණින්, එම රටේ ජීවත් වන අපගේ සහෝදරවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බලපත්‍රයක් ලැබෙන බව අදහස් වෙන්නෙ නැහැ.

Read More
දේශපාලන

නව ලෝක ආර්ථිකයක්- නව නොබැඳි ව්‍යාපාරයක්! – යානිස් වරුෆකිස්

2023 ජනවාරි මස ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ සම්මේලනය' නමින් අන්තර්ජාතික සම්මේලනයක් කියුබාවේ හවානා නුවර පැවැත්විණ.  මීට විවිධ රටවල් නියෝජනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහභාගී වූහ. පහත පලවන්නේ එම සම්මේලනය අමතා, ග්‍රීසියේ හිටපු මුදල් ඇමති, යානිස් වරුෆාකිස් කල කථාවේ සිංහල පරිවර්තනයයි. ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' (New international economic order) යනු 1960 ගණන්වල නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් මතු කල සටන් පාඨයකි. අන්තර්ජාතික ආර්ථිකය ගෝලීය උතුරට වාසිදායක ලෙස ව්‍යුහගත වී තිබෙන බවට තර්ක කල අලුත නිදහස් වූ රටවල්, එහි පරිවර්තනයක් ඉල්ලා සිටියහ. 1974 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' සම්බන්ධ ප්‍රකාශනය සම්මත කලාය. කෙසේ වුවද, 1980 ගණන්වල මතු වූ නව ලිබරල් ගෝලීයකරණය අබියස මෙම ව්‍යායාමය පරාජය ලැබුවේය. ගෝලීය දකුණේ රටවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙසට ලෝක ආර්ථිකය වෙනස් විය යුතු බවට වූ සාකච්ඡාව පසුගිය කාලය තුල යලිත් අලුත් වටයකින් මතු වී තිබේ. හවානා නුවර පැවැති සමුලුව මෙම ව්‍යායාමයේ එක් වැදගත් අවස්ථාවකි.

Read More