මෙහිදී මාක්ස්වාදියෙක් ලෙස මා මේ ප්‍රශ්නය දකින්නේ පවතින නවලිබරල්වාදයේ පද්ධතිමය අර්බුදයේ දිගුවක් ලෙසයි. මක්නිසාද යත් ෆැසිස්ට්වාදය හා නවලිබරල්වාදය අතර ගැඹුරු සම්බන්දතාවයක් පවතින හෙයිනි. අප දන්නා පරිදි, 1930 ගණන්වල ඇති වූ මහා ආර්ථික පරිහානිය තුළ ප්‍රභල ආර්ථිකයන්ව පැවති බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඔස්ට්‍රේලියාව වැනි රටවල් බරපතල මානව ඛේදවාචකයන්ට මුහුණ පෑවේය. එක්සත් ජනපදයේ දළ දේශිය නිෂ්පාදනය 40%ක් දක්වා පහත වැටිණි. විරැකියාව 25%කින් වැඩි විය. දේශපාලන මතවාදයක් හැටියට සම්භාව්‍ය ෆැසිස්ට්වාදය මතුවෙන්නේ එම ලෝක සංදර්භය තුලයි. ෆැසිස්ට්වාදය ජනප්‍රියවීමට හේතුවුනේ, රැකියා විරහිතව ජීවත්වීමට සිදුවීම නිසා, බොහෝ දෙනෙකුට ඇතිවූ කළකිරීම හා කෝපයයි. හිට්ලර් බලයට පත්වන්නේ මේ කලකිරීම හා කෝපය ප්‍රයෝජනයට ගෙනය. 1920 ගණන්වල මැදභාගයේ දී ඉතාලියේ මුසෝලිනීගේ ජාතික ෆැසිස්ට් පක්ෂය බලයට පත්වෙන්නේ ද මීට සමාන සන්දර්භයක් තුළය. මෙවැනි අර්බුදකාරි අවස්ථාවල දී ධනවාදයට ආවේනික දෝශ ආමන්ත්‍රණය කරනවා වෙනුවට, දක්ෂිණාංශක ෆැසිස්ට්වාදී ව්‍යාපාර කරන්නේ, සාමාන්‍ය මිනිස්සුන්ගේ කළකිරීම් වලට මුවාවී සංක්‍රමණිකයින්ට හා සුළුජන කොටස්වලට දොස් පැවරීමයි.
Read More