පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 06) ජිනීවා හිදි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වීමත් සමග රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රලාපයන්ගේ දිග පළල පිළිබද උපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාලයන් තුළ වෛරල් වීමට පටන් ගැණුනි. මෙය එක්තරා ආකාරයක නව ප්‍රවණතාවයක් ලෙසද හදුනාගත හැකිය. මෙම ප්‍රවණතාවයේ ආරම්භය ලෙස රනිල් වික්‍රමසිංහ විසින් දෙවන එලිසබෙත් රැජිණගේ මරණය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් නම් කිරීමත් මහත් උනන්දුවකින් එකී අවමංගල උත්සවයට සහභාගී වීමත් ගත හැකිය. ඉන් නොනැවති ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය කරා පිටත් වීමේ පුවතද මෙම නව ප්‍රහසන රැල්ලට එක් කළ පිදුරු ගොඩකි. මලගෙවල් වල රැය පහන් කරමින් පාලු මකන්නෙකුගේ සිට ශෝකයට පත් ඥාතීන්ගෙන් අතමාරුවක් ඉල්ලන කරදරකාරයෙක් දක්වා වන වපසරියක දේශපාලන උපහාසයන්ගෙන් එම කාලය පිරි පැවතුණි. මෙම උපහාස රැල්ලේ පරිසමාප්තිය රනිල් වික්‍රමසිංහගේ ජිනිවා පරාජයෙන් සලකුණු විණි යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.
Read Moreඅරගලයේ ආරම්භය ගෝල්ෆේස් කේන්ද්‍ර වු දෙයක් බවට සරල අදහසක් තිබුණද, එය ඊට වඩා සංකීර්ණ දෙයකි. අරගලයේ අනාගතය පුරෝකථනය කිරීමට නම් අරගලයේ ආරම්භය ඇත්ත වශයෙන්ම සිදු වූයේ කෙසේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. අරගලය ආරම්භ වීමට හේතුව නම් කාරණා 4ක් එක මත එක සමපාත වීමයි. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩල 3ක් පලවා හැරිමට තරම් ප්‍රබල දැවැන්ත රැල්ලක් ලෙස අරගලය පැන නැගුනේ කාරණ හතරක් එක විට සිදු වූ විටයි.
Read Moreමහාචාර්ය නීලිකා මලවිගේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥවරියක් වන අතර ඇය දශකයකට වැඩි කාලයක් ඩෙංගු රෝගය පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඇය ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ එය ඇයගේ වැඩකටයුතුවලට බලපාන ආකාරය පිළිබඳව The Nature සමඟ දැක්වූ අදහස්වල සංක්ෂිප්තයක් පහත දැක්වේ.
Read Moreශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී එහි සභාපති ටාන්‍යා අබේසුන්දර ප්‍රකාශ කර තිබුණේ, නිසි ලෙස වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 4500කට අයත් සේවකයන් ලක්ෂ 45කට ඉදිරි මාස කිහිපය තුල පාරට වැටීමට නියමිත බවයි. ඇය සදහන් කරන පරිදි සේවකයන්ට පවතින වැටුප යටතේ ජීවත්විය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත්, එය තමන්ටද තේරෙන බවත්, තමන් පවා ඔවුනට වැඩි වැටුපක් දීමට කැමති මුත් පවතින තත්වය තුල එසේ කළ නොකල හැකි බවයි. ඒ නිසා තම ව්‍යවසායන් ඉදිරි මාස කිහිපය තුල වැසී යා හැකි බවයි.
Read Moreමේ හැමෝම ප්‍රචණ්ඩත්වය ගැන අද අසන්නේ මිනිසුන්ගෙනි. ඇයි ඔයාලට තේරෙන් නැද්ද? ගෝල්ෆේස් එකට ගහපු එක වැරදි තමයි. ඒත් ඒකට අපේ ගෙවල් ගිනි තැබීම හරිද? කව්රු කරත් ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයම නොවේදැයි අසයි
Read More