ශ්‍රී ලංකාවට සහය වීම සඳහා විදේශ ආධාර සමූහයක් පිහිටුවීමේ මූලිකත්වය ගැනීමට QUAD සාමාජිකයින්ට ඉදිරිපත් කල යෝජනාවට ඉන්දියාව සහ ජපානය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මස 27 වනදා පවසා තිබුණි. ලංකාවේ ප්‍රධාන පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් QUAD හවුලේ නම නිල පණිවුඩයක සදහන් කල පලමු අවස්ථාව මෙයයි. අප විසින් මීට පෙර ලිපියක පෙන්වා දුන් ලෙසට, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති එකක් ලෙස වේගයෙන් රූපාන්තරණය වෙමින් තිබේ. මෙම ලිපියේ දී අප උත්සාහ කරන්නේ QUAD හවුලේ ස්වභාවය පිලිබද තවදුරටත් විභාග කොට බැලීමටයි.
Read More"මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක්" ලෙස නම් කල ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ප්‍රතිපත්තියට මහජන අනුමැතිය ලැබී වසර දෙකක් ඉක්මවී ඇත. බටහිර රටවල් විසින් "නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපය" ලෙස නම් කර ඇති භූ-දේශපාලනික කලාපයක පිහිටි ශ්‍රී ලංකාවට ගතවූ පසුගිය වසර දෙක තුල මෙම මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමට හැකිවි තිබේද? නොහැකිවී තිබේද?
Read Moreලංකාව තම පශ්චාත් යටත් විජිත අවධියේ මුහුණ දුන් බරපතලම ආර්ථික අර්බුදයට හසුව තිබේ. මේ වනවිට ණය ගෙවීම පැහැර හල බංකොලොත් රාජ්‍යයක් බවට ලංකාව පත්ව තිබෙන අතර, ඉන්ධන ආදී වූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම ඉන්දියාව මත යැපෙන තත්වයක් උද්ගතව තිබේ. ආර්ථික අර්බුදයට සමාජයේ අති බහුතර ජනතාවක් හසුව සිටිති. ආණ්ඩුව සමග කූට සම්බන්ධතා පවත්වමින්, වසංගත යුගයේ අධික ලෙස ලාභ උපයා ගැනීමට සමත් වූ ගජමිතුරු ව්‍යාපාරික පන්තිය හැර සමාජයේ අනෙක් සෑම ස්ථරයක්ම අඩු වැඩි වශයෙන් ආර්ථික අර්බුදයේ පීඩාවට ලක්ව සිටිති.
Read More