ජූලි මස නම වන දා ලංකාවේ ඇති වූ සංසිද්ධිය ඓතිහාසික විප්ලවයකි. ප්‍රවාහන දුෂ්කරතා, රජය විසින් පැනැවූ ඇඳිරි නීතිය, විවිධ තර්ජන ගර්ජන සියල්ල මධ්‍යයේ ලක්ෂ ගණනින් කොලඹ නගරයට එක් රැස් වූ ජනතාව ජනාධිපති මන්දිරය, අරලිග ගහ මැඳුර ආදී වූ රාජ්‍ය බලයේ සංකේත අත්පත් කරගෙන, ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව සිය විරෝධය පල කලහ. මේ වනවිට එලැඹ තිබෙන්නේ ජූලි 9 මහජන නැගිටීම නිසා දේශපාලනයේ මුදුන හෙල්ලුම් කෑමට ලක්ව තිබෙන, එහෙත් දේශපාලනය කවර අතකට යොමු වේදැ’යි නිශ්චිතතාවයක් නොපවතින, අවිනිශ්චිත මොහොතකි.
Read Moreපැරණි නිර්ධන පංතියෙන් වෙනස් වූ නව නිර්ධනීන් ලෙස ස්ටෑන්ඩින්ග් අවිධිමත් ශ්‍රමිකයින්ව හදුන්වයි. ඔහු තර්ක කරන්නේ පැරණි නිර්ධන පංතිය යනු කාර්මික ධනවාදයේ නිශ්පාදිතයක් වන ලද බවයි. ඔවුන්ව නියෝජනය වන්නේ වෘත්තීය සමිතිවලින් සැදුම් ලත් සාම්ප්‍රදායික කම්කරු ව්‍යාපාරය තුලයි. නව නිර්ධනීන් නවලිබරල් ධනවාදය විසින් සිදු කරන ලද කාර්මිකහරණය හා නියාමනහරණය විසින් ඇති කරන ලද නව පංතියකි.
Read Moreමෙරට ඉතිහාසයේ බහුජනයා විසින් සිදුකළ, සිදුකරමින් සිටින ඓතිහාසික අරගලයක මධ්‍යයෙහි අපි දැන් සිටිමු. මින් එහා දිනාගත යුතු ජයග්‍රහණ රාශියක් ඇතිමුත් මේ දක්වා ලබාගත් සියලු ජයග්‍රහණ සඳහා දායකත්වය දැක්වූ ලක්ශ සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවක් සිටී. නිර්ප්‍රභූ ආඛ්‍යාන බිහිවෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ මෙරට මුහුණ දෙමින් සිටින ආර්ථික, දේශපාලන දුර්භාග්‍ය වූ කලී ආකාස්මික යමක් නොවන අතරම ඒ හා එකට ගැටගැසී පවුල් වාදය, දූෂණය වංචාව, වර්ගවාදය, ජාතිවාදය අමතක කළ නොහැක. එනිසාම මෙකී දේශපාලන ආර්ථික අර්බුධය මෙන්ම මෙකී ජන අරගලය අප විසින් වටහා ගත යුත්තේ මෙම සංයුක්ත සංදර්භය තුළදී ය.
Read More1961 වර්ෂයේ දී එතෙක් බහුජාතික සමාගම් කීපයක් අත පැවැති ඛණිජ තෙල් ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ වෙලඳාම ජනසතු කොට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවීමෙන් සිරිමා බණ්ඩාරනායක බරපතල වරදක් කල බව තෙල් ඇමති කංචන විජේසේකර පසුගිය දා ප්‍රකාශ කලේය. මෙම ප්‍රකාශයට සමගාමීව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු පිරවුම්හල් පෞද්ගලිකකරණය කිරීමටත්, ලංකාවට තෙල් ගෙන්වීම හා බෙදාහැරීම පෞද්ගලික අංශයට විවෘත කිරීමටත් අදාල යෝජනාවක් කැබිනට් මණ්ඩලය සම්මත කලේය. මෙම ක්‍රියාවලිය ඉදිරියට ගියහොත්, ලංකාවට තෙල් ගෙන්වීම හා බෙදාහැරීම විදේශ සමාගම් අතලොස්සක කතිපයාධිකාරියක් විසින් පාලනය කෙරෙන, 1961 ට පෙර වූ තත්වය වෙත ලංකාව ගමන් කිරීම හුදෙක් කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණක් වනු ඇත.
Read Moreආර්ථික අර්බුදය ජන ජීවිතය මත මහත් ව්‍යසනයක් ඇති කොට තිබෙන පසුබිම තුල ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නව අධිකාරිවාදී මාවතක් වෙත එලැඹ සිටින බව පෙනේ. උත්ප්රාසය නම්, මේ අධිකාරිවාදී හැරවුම ඇති වී තිබෙන්නේ එක්තරා යුගයක අපගේ නාගරික ලිබරල් කවවල සාමාජිකයන්ගේ දේශපාලන හුරතලා වූ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධූරය යටතේ වීමය. තමුන් අගමැති ලෙස දිවුරුම් දෙන විට, ගෝල්ෆේස් විරෝධතාවලට අත නොතබන බවට දුන් ප්‍රතිඥාව හේ මේ වනවිට අමු අමුවේ කඩ කරමින් තිබේ.
Read Moreඇල්බර්ටෝ ගැබ්‍රියෙලි හා එලියාස් ජැබර් යන ශාස්ත්‍රඥයන් දෙපොල විසින් මෙම වසරේ එලි දැක්වූ 21 වන සියවසේ සමාජවාදී ආර්ථික සංවර්ධනය (Socialist Economic Development of the 21st century) නම් කෘතිය පිලිබඳ මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙක් වන මයිකල් රොබට්ස් කල විචාරයක සිංහල පරිවර්තනය පහත පලවේ. ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් මෙම විචාරය තුල රොබට්ස් චීනය ධනවාදයට වෙනස් ; එලෙසම සෝවියට් සංගමය බඳු රටවල වූ සාම්ප්‍රදායික සමාජවාදයට ද වෙනස් නව සමාජ ආර්ථික සැකැස්මක් නියෝජනය කරන බවට ගැබ්‍රියෙලි හා ජැබර් විසින් ඉදිරිපත් කරන ප්‍රවාදය විචාරයට හසු කරයි.
Read More