වාමාංශික ආණ්ඩු බලයට පත්වීම යනු ගෝලීය දකුණේ රටවල අමුතු අත්දැකීමක් නොවේ. එබඳු ආණ්ඩු තිබෙන්නේ කියුබාවේ හෝ උතුරු කොරියාවේ පමණක් ද නොවේ. වාම නැඹුරුවක් තිබෙන ආණ්ඩු තිබෙන විට රට ලෝකයෙන් හුදෙකලා වන බවට වූ අදහස පට්ටපල් බොරුවකි. මේ බව සාධනය කිරීම සඳහා ඉදිරිපත් කල හැකි රටවල් විශේෂ දෙකකි.
Read Moreචීනය තුල රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ සාධාරණීකරනය කරුණු තුනක් මත මතු වන්නකි : රජයේ ව්‍යවසායන්ට තම සේවකයන්ට ලාභයේ වැඩි පංගුවක් බෙදා හල හැක, ආයතනයේ කලණාකරන විධික්‍රම — විශේෂයෙන්ම වැටුප් ආදී වූ කාරණා සම්බන්ධව තීරණය කිරීමේ වැඩි බලයක් රජයට තිබේ, සහ අවසාන වශයෙන් මෙබඳු ව්‍යාපාර පහසුවෙන් රාජ්‍ය ව්‍යාපෘති සඳහා යොදාගත හැක.
Read Moreබ්‍රසීල කම්කරු පක්ෂ නායක ලූලා ද සිල්වා (ලුවිස් ඉනාසියෝ ද සිල්වා) බ්‍රසීලයේ පැවැති ජනාධිපතිවරණය ජය ගෙන තිබේ. ඒ හිටපු ජනාධිපති, අන්ත දක්ෂිණාංශික ජේ බොල්සොනාරෝව පරාජයට පත් කරමිනි. ලූලා ද සිල්වා පලමුවරට බ්‍රසීලයේ ජනාධිපති ධූරයට පත්වූයේ මීට හරියටම වසර විස්සකට පෙරය. වෘත්තීයෙන් හිටපු කාර්මික කම්කරුවෙක් වූ ලූලා බ්‍රසීලය ඒකාධිපති පාලනයකට නතු වී තිබූ 1980 ගණන්වල ආඥාදායක පාලනයට එරෙහිව සටන් කල සටන්කාමී වෘත්තීය සමිති නායකයෙක් විය.
Read Moreලෝක බලවතෙක් ලෙස චීනය නැගීමත් සමග චීනයේ ස්වභාවය වටහා ගැනීම බෙහෙවින් අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්ව තිබේ. චීනය සම්බන්ධව ලංකාවේ දක්ෂිණාංශයේ මෙන්ම වාමාංශයේ ද ප්‍රචලිත අදහස එරට හා ධනවාදී සෙසු ලෝකය අතර වෙනසක් නැති බවය. එහෙත් චීනය තුල පවතින පද්ධතිය සරලමතික ලෙස ‘ධනවාදී’ ලෙස වර්ග කිරීම අපහසු වන්නේ ශක්තිමත් ධනවාදී-නොවන අංශයක පැවැත්ම ද දක්නට ලැබෙන නිසාය.
Read Moreගාලු මුවදොර පිටිය ඇතුලු කොලඹ නගරයේ කේන්ද්‍රීය ස්ථාන ලෙස සැලකිය හැකි තැන් කීපයක් අධි ආරක්ෂිත කලාප ලෙසට නම් කරමින් ආණ්ඩුව විසින් රෙගුලාසියක් නිකුත් කොට තිබේ. මෙම ස්ථාන අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමේ අර්ථය නම්, එම ප්‍රදේශවල උද්ඝෝෂණ හෝ පෙලපාලි පැවැත්වීම නීති විරෝධී බවට පත්කිරීමය. මේ අනුව නගරයේ ප්‍රකට ස්ථානවල සාමකාමී ලෙස විරෝධය දැක්වීම අපරාධ වරදක් බවට ප්‍රකාශ කිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.
Read Moreමැතිවරණයකින් පරාජය ලැබ, දේශපාලනයේ කුණු කූඩයට විසි වූ බංකොලොත් දේශපාලනඥයෙක්, අති මහත් බලතල සහිත විධායක ජනාධිපති ධූරයට පත්වූ විහිලුසහගත නිමේෂයක් අප ඉදිරියේ එලැඹ තිබේ. මෙම විධායක ජනාධිපති සිය වැඩ ඇල්ලුවේ මහා තේජෝ බල පරාක්‍රමයක් විහිදුවාලමිනි. මාස කීපයක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ කඳවුරු බැඳ උද්ඝෝෂණයේ නියුක්තව සිටි නිරායුධ විරෝධතාකරුවන් හමුදාව යොදා තිරශ්චීන ලෙස හේ විසුරුවා හැරියේ ඒකාධිපති මිලටරිවාදියෙක් ලෙස කුප්‍රකටව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ පූර්වේක්ෂණය නොකල සාහසික ස්වරූපයෙනි.
Read More