රජය සතු ව්‍යවසායන් (SOEs) සම්බන්ධයෙන් ගත් විට, මාධ්‍යවේදීන් සහ විද්වතුන් සාමාන්‍යයෙන් අකාර්යක්ෂමතාව, දූෂණය හෝ නොසැලකිලිමත්කම වැනි දේවල් වැරදී ගිය විට ඒවා විමර්ශනය කර වාර්තා කරයි. SOE වල හොඳ කාර්ය සාධනය එතරම් අවධානයක් නොලබන්නේ එය ප්‍රවෘත්තිමය ලෙස නොසැලකෙන බැවිනි. එය ආදර්ශමත් පුරවැසියෙකුගේ ජීවිතයේ නිත්‍ය, සාමකාමී සහ ඵලදායී දිනයක් ප්‍රවෘත්තිවල සිරස්තල බවට පත් නොවන්නේ කෙසේද යන්නට සමානය.
Read Moreනව ලිබරල්වාදයේ කතිකාවට අනුව, සමස්තයක් වශයෙන් සමාජයට වඩා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම ඉදිරි දර්ශනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් ලෝකය සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන සිතන විට, ඔවුන් පුළුල් සමාජ සන්දර්භය හෝ අන් අයගේ යහපැවැත්ම සැලකිල්ලට නොගෙන තමන් සහ ඔවුන්ගේ ආසන්න වටපිටාව පමණක් සලකා බැලීමට නැඹුරු වන බවයි. මෙම පුද්ගලවාදී මානසිකත්වය ඇතැම් ඡන්ද භාවිතයන් තුළ පිළිබිඹු වන අතර, අතීතයේදී මිනිසුන් තම පෞද්ගලික තත්ත්වය පමණක් නොව ලෝකයේ තත්ත්වය සහ අන් අයගේ සුබසාධනය ගැන සලකා බැලීමට පුරුදුව සිටියහ.
Read Moreවාමාංශික ජනතාවාදී ව්‍යාපාරයේ ප්‍රභාව විසින් අර්බුදයට යවන ලද සංස්ථාපිත දේශපාලනය — ඒ කියන්නේ පරපුටු ව්‍යාපාරික පන්තිය, දේශපාලන පැලැන්තිය හා රාජ්‍ය නිලධාරී තන්ත්‍රයෙන් යුක්ත රෙජිමය මේ වනවිට පැවැත්ම පිලිබඳ අර්බුදයකට මුහුණ දී සිටී. අර්බුදයන් යනු නොසිතූ විරූ පෙරලි සිදුවිය හැකි අවස්ථාවන් ය. දේශපාලන ධ්‍රැවීකරණයන්, පැරණි පසමිතුරුතා වෙනුවට නව පසමිතුරුකම් කරලියට ඒම, පැරණි කණ්ඩායම් බෙදීම් අබිබවා නව කණ්ඩායම්ගත වීම් මතු වීම මෙබඳු යුගවල සිදු වේ. සමාජ විපර්යාසයක අභියෝගය මතු වූ කල, දේශපාලන සංස්ථාපිතයන් විසින් එම අභියෝගය තුළ තිබෙන යම් යම් ගති ලක්ෂණ අවස්ථාවාදී ලෙස උකහා ගෙන ‘ප්‍රතිසංස්කරණය වූ විලාශයෙන්’ පෙනී සිටීම හරහා විරෝධය සමථ කිරීමට උත්සාහ කිරීම ද දේශපාලන ඉතිහාසය තුල දක්නට ලැබෙන්නකි.
Read Moreතෙවැනි කරුණ, වීරවංශ බඳු පිරිස් විශ්වාසය තබන දේශපාලන ව්‍යාපෘතියේ පන්තිමය ස්වභාවය යි. මේ වනවිට උත්තර ලංකා සභාගය වටා ඒකරාශී වී සිටින, බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල දේශපාලන නියෝජිතයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි. විමල් වීරවංශ තවම විස්සෝප වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයෙන් එලැවීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ පන්තිමය පසුබිම කවරක්ද? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලක්, මිලිටරිවාදී මනසින් යුක්ත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී සමූහයක් හා ‘වියත් මග′ ලෙස සංවිධානය වූ, සංරක්ෂණවාදී අදහස්වලින් හෙබි මධ්‍යම පන්තික වෘත්තිකයන් පිරිසක් එම ව්‍යාපෘතියේ අරටුව සංයුක්ත කළේ ය. කවර හෝ ප්‍රබුද්ධ ලෝක දැක්මකින් තොර මේ පිරිස්, හුදු කෙටිකාලීන ප්‍රතිලාභයන්ගේ ප්‍රේරණය වූ ස්ථරයකි.
Read Moreඅන් කවරදාකටත් වඩා දේශපාලනිකව, පන්තිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතින, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ හා කණ්ඩායම් එක මිටකට තබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන මොහොතක නැවතත් “රනිල් එළවීම සඳහා” එසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත සියලු අපත රාශීන් එක්කොට “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.
Read Moreඉතිහාසයේ ප්‍රථම වරට කියුබාවේ මැයි දින රැළි නොපැවැත්වීමට කියුබානු රජය මෙවර තීරණය කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ මේ වන විට කියුබාවේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයයි. අර්බුදයත් සමඟ ම කියුබානු රජය මේ වන විට ඉන්ධන නිකුත් කිරීම සීමා කොට තිබෙන අතර ඒ නිසාවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බව අපට දැකගත හැකිය. මෙයට හේතුව සමාජවාදය බව මෙරට ඊනියා නව ලිබරල්වාදීන් පෝලිම් දෙස බලමින් උදම් අනමින් සිටිති.
Read More