2014 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ විශේෂ සඳහනයක් තිබ්බා, කාන්තාවන් රැකියා වල නොයෙදීම පිළිබඳව. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ කාන්තාවන් ඉතා විශාල පිරිසක්, බහුතරයකට ආසන්නව නියැලිලා සිටියත්, එය ශ්‍රම වෙළෙඳපොලේ නිරූපණය නොවන බව ඔවුන් මතු කරලා තිබුණා. කාන්තාවන් රැකියා නොකිරීම නිසා ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වන ප්‍රතිපාදන ඵලදායි ලෙස නැවත ලබා ගැනීමේ නොහැකියාව පිළිබඳ ව මහ බැංකුව එම විශේෂ සටහනේ මතු කළා. මහ බැංකුව වගේම, අප බොහෝ දෙනාද සංඛ්‍යාලේඛන දිහා බලලා නිගමනය කරන්නේ ලංකාවේ කාන්තාවන් රැකියා කරන්නේ නැහැ කියලා. ඒක එහෙමද?
Read Moreමෙම ලිපි මාලවේ පළමු ලිපිය මගින් අපි ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් පවතින ලිබරල් පැහැදිලි කිරීම් අර්බුදයේ විශාලත්වය පැහැදිලි කිරීමට දක්වන පොදු අසමත්භාවය සලකුණු කල අතර ඔවුන්ගේ හේතු දැක්වීමෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සීමාවන් පවතින බව පෙන්වමින් විචාරයට ලක් කළෙමු. මෙම ලිපිය මගින් අප මෙම දුර්වලතාවය තවදුරටත් විදාරණය කිරීමට උත්සාහ කරනුයේ ව්‍යාපාරික ප්‍රභූ පන්තිය විසින් සාවද්‍ය වෙළද ඉන්වොයිසගතකරණය (Trade mis-invoicing) සහ අපනයන ආනයන ඉන්වොයිස වෙනස් කිරීම මගින් සිදු කරන ප්‍රාග්ධනය පිටතට රැගෙනයාම සහ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කළු ආර්ථිකයේ ව්‍යාප්තිය මගින් ආර්ථිකය මත ඇති කොට තිබෙන බලපෑම පෙන්වීමෙනි.
Read Moreහැම දෙනාම බලාගෙන සිටින්නේ ලංකා විදුලිබල මණ්ඩලය දෙසය. විදුලි බල මණ්ඩලය මාතෘකාවක් වී තිබෙන්නේ ඇයි? වැඩකරන ජනතාව මත එහි වන ප්‍රතිවිපාකය කුමක්ද? විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණයේ ප්‍රශ්නය, විදුලි බලය සැපයීම වෙලඳ මිලට කරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොදන තෙරපුම හා ප්‍රශ්නකාරී අදානි ගනුදෙනුව පිලිබඳ මෙම ලිපිය තුල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරමි.
Read Moreලංකාවේ ජනතාව මේ වන විට මුහුණ දී ඇති ප්‍රධානතම ප්‍රශ්නයක් වෙන්නේ උද්ධමනයයි. ලංකාවේ ජනතාව විතරක් නෙවෙයි ගෝලීයවත් දැවෙන ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ උද්ධමනය. එනම් භාණ්ඩවල මිල ඉහල යාමේ වේගය සීඝ්‍ර ලෙස වැඩි වීම. ගෝලීයව භාණ්ඩ මිල ඉහල යාම නිසාවෙන් සංවර්ධනය වෙමින් පවතින හා විදේශ විනිමය අස්ථායීභාවයන්ගෙන් බැට කන ලංකාව වැනි රටවල් වලට සංවර්ධිත රටවලට සාපේක්ෂව වඩා විශාල වන්දියක් ගෙවීමට සිදු වෙලා තිබෙනවා. ගෝලීය වෙලෙදපලින් මිලදී ගැනීමට අප සතුව ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැති වීම නිසාවෙන්ම අපට ඉතා අධික මිලක් ගෙවමින් භාණ්ඩ මිලදී ගන්නටත් සිදු වෙනවා.
Read Moreආර්ථික විශ්ලේෂක ධනූෂ ගිහාන් පතිරණ විිසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත Rise of Black Economy for Foreign Exchange and Sri Lanka’s Economic Collapse නම් ලිපි මාලාවේ පළමු ලිපියේ සිංහල අනුවාදය පහත පල වේ. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව ලෙස දැනට ජනප්‍රියව පවතින පැහැදිලි කිරීම වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් 2020 දී කල බදු අඩු කිරීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බල පෑ බවයි. මෙම මතය සහ ලිබරල් ආර්ථික ශාස්ත්‍රඥයන් ආර්ථික අර්බුදයට හේතු ලෙස දකින අනෙක් කරුණු අභියෝගයට ලක්කරන ධනූෂ ගිහාන් පතිරණ කළු ආර්ථිකය නම් වූ ව්‍යුහාත්මක සාධකයේ බලපෑම අප මුහුණ දී සිටින අර්බුදයට ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබෙන ආකාරය පෙන්වා දෙයි.
Read Moreමහජනයා වෙනුවෙන් ඇතිවූ බැංකු මහජනයා මඟ හැර ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කැට වන විට යුක්තිය පසිඳලන අධිකරණය සහ නීතිය ව්‍යාපාරිකයින් රකින සාමාන්ය ජනතාව කොල්ලකන බැංකු සහ මූල්‍ය කොම්පැනි සඳහා ආරක්ෂක වළල්ලක් වී ඇත.
Read More