ලංකාවේ පවතින දේශපාලන යථාර්තයන්ගේ සන්දර්භය තුල ජනතා අරගලය ඔස්සේ පාර්ලිමේන්තුවෙන්-පිටත දේශපාලනය සංවිධානය කිරීම හා එම පදනම මත ආයතනික ක්ෂේත්‍රයේ බලය අත්පත් කරගැනීමට උත්සාහ කිරීම යනු තාර්කික සිතීමකි. විශේෂයෙන්ම, මැතිවරණය හරහා බලය ගැනීමේ සම්භාවිතාවයක් පවතී නම්, එය ඉවත දැමීමෙහි කිසිදු හේතුවක් නොමැත.
Read Moreඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂකයෙක් වන ආචාර්ය ප්‍රභාත් පට්නායික් විසින් සම්පාදිත පහත ලිපිය මේ යුගයේ අධිපතිව පවතින්නා වූ අපනයන-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කරයි. අපනයන-කේන්ද්‍රීය ආර්ථික ලෙස හැදින්විය හැකි රටවල වර්ග දෙකක් හඳුනා ගන්නා හෙතෙම ලංකාව, බංගලාදේශය බඳු රටවල මොඩලය අසාර්ථක වන්නේ ඇයිදැ’යි පැහැදිලි කරයි.
Read Moreරජය සතු ව්‍යවසායන් (SOEs) සම්බන්ධයෙන් ගත් විට, මාධ්‍යවේදීන් සහ විද්වතුන් සාමාන්‍යයෙන් අකාර්යක්ෂමතාව, දූෂණය හෝ නොසැලකිලිමත්කම වැනි දේවල් වැරදී ගිය විට ඒවා විමර්ශනය කර වාර්තා කරයි. SOE වල හොඳ කාර්ය සාධනය එතරම් අවධානයක් නොලබන්නේ එය ප්‍රවෘත්තිමය ලෙස නොසැලකෙන බැවිනි. එය ආදර්ශමත් පුරවැසියෙකුගේ ජීවිතයේ නිත්‍ය, සාමකාමී සහ ඵලදායී දිනයක් ප්‍රවෘත්තිවල සිරස්තල බවට පත් නොවන්නේ කෙසේද යන්නට සමානය.
Read Moreනව ලිබරල්වාදයේ කතිකාවට අනුව, සමස්තයක් වශයෙන් සමාජයට වඩා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම ඉදිරි දර්ශනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් ලෝකය සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන සිතන විට, ඔවුන් පුළුල් සමාජ සන්දර්භය හෝ අන් අයගේ යහපැවැත්ම සැලකිල්ලට නොගෙන තමන් සහ ඔවුන්ගේ ආසන්න වටපිටාව පමණක් සලකා බැලීමට නැඹුරු වන බවයි. මෙම පුද්ගලවාදී මානසිකත්වය ඇතැම් ඡන්ද භාවිතයන් තුළ පිළිබිඹු වන අතර, අතීතයේදී මිනිසුන් තම පෞද්ගලික තත්ත්වය පමණක් නොව ලෝකයේ තත්ත්වය සහ අන් අයගේ සුබසාධනය ගැන සලකා බැලීමට පුරුදුව සිටියහ.
Read Moreඉදිරි දශක කිහිපය තුළ ගෝලීය දේශපාලනයේ අධිනිශ්චය වන්ට නියමිත ප්‍රතිවිරෝධතාවය වන්නේ නැගී එන බහුධ්‍රැවීය නැඹුරුව හා පවත්නා ඒකධ්‍රැවීය පර්යාය පවත්වාගෙන යන්නට බටහිර රටවල් දරන උත්සාහය අතර වන ප්‍රතිවිරෝධතාවයයි. ලංකාව බඳු රටවල්වලට ස්වාධීනත්වය සහිත අනාගතයක් ගැන පරිකල්පනය කළ හැකි වන්නේ බහුධ්‍රැවීයතාවය ශක්තිමත් වන තරමට සහ බහුධ්‍රැවීයතාවය හරහා ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවය (south-south cooperation) වඩා තහවුරු වන තරමටය.
Read Moreලංකාවේ 2022 වර්ෂයේ මුල් භාගයේ සිට මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටී. මෙහි මූලික ම අරමුණක් වන්නේ රජයේ වියදම් කපා හැරීම හා ආදායම් ඉහළ දමා ගැනීමයි තුළින් ණය බර අඩු කර ගැනීමයි. එසේත් නැතිනම් ණය ගෙවීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි. පටි තද කර ගැනීම (austerity) ලෙස හැඳින්වෙන්නේත් මේ ක්‍රියාවලියයි. 2023 වර්ෂයේ ලංකාව සම්බන්ධ මූල්‍ය අරමුදල් වාර්තාවට අනුව ලංකාව ආදායම් මත පදනම් වූ ආදායම් එකාග්‍රතාවයක් අත්පත් කර ගත යුතු අතර ඒ සඳහා දරා ගත නොහැකි ලෙස ජනතාව මත බදු ගැසීමට රජය කටයුතු කරමින් සිටී.
Read More