ලංකාවේ දැනට පවතින දේශපාලන-ආර්ථික අර්බුදය හමුවේ බරපතල ලෙස අර්බුදයට ලක්ව සිටින පක්ෂයක් වන්නේ ප්‍රධාන නිල විපක්ෂය වන සමගි ජන බලවේගයයි. බොහෝ විචාරකයන් ආණ්ඩුව හොබවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුහුණ පා සිටින අර්බුදය පිලිබඳ අදහස් දැක්වූවත්, සමගි ජන බලවේගය මුහුණ දී සිටින අර්බුදය පිලිබඳ වැඩිපුර කථා කරනු දක්නට නොලැබේ. එලියට පෙනෙන කඩු හරඹ එතරම් සුලභ නොවූවද, අපට අනුව, මෙම දේශපාලන සංධිස්ථානයේ දී වඩාත්ම බලගතු උභතෝකෝටිකයට මුහුණ දී සිටින පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය හඳුනාගත හැකිය.
Read Moreකෙසේ වුවද, 1980 ගණන් වන විට, නව අන්තර්ජාතික ආර්ථික පර්යාය ව්‍යාපෘතිය යට කරමින් නව ලිබරල් ගෝලීයකරණය ඉදිරියට ආවේය. සංවර්ධනය සඳහා අරමුදල් හා න්‍යාය සපයන ආයතනය ලෙස ලෝක බැංකුව ඉස්මතු විය. කෙසේ වුව ද, ගෝලීය දකුණේ රටවල් මුහුණ දී සිටින වර්තමාන ඛේදවාචකය විසින් පෙන්නුම් කරන්නේ, නව ලිබරල් ගෝලීයකරණය විසින් ලබා දුන් සංවර්ධනය පිලිබඳ ප්‍රතිඥාව පුස්සක් බවට පත්වී තිබෙන බව ය.
Read Moreදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මෙම මූල්‍ය ධනපති කොටස් විරෝධය පල කල විට ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුව එම විරෝධය පිලි ගත්තේය. ඒ අනුව මූල්‍ය ධනපති පන්තියට කිසිදු අත තැබීමක් සිදු නොකොට, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ සමස්ත බර සේවක අර්ථ සාධක අරමුදල මත ; එනම් මෙරට වැඩ කරන ජනතාව මත පැටවීමට ආණ්ඩුව තීන්දු කලේය.
Read Moreට්‍රයිකොන්ටිනෙන්ටල් (Tricontinental) වාර ප්‍රකාශනයේ පල වූ Eight Contradictions of the Imperialist ‘Rules-Based Order’ ලිපියේ සිංහල පරිවර්තනය. ප්‍රතිවිරෝධතාවය විශ්ලේෂණය කිරීම මාක්ස්වාදී විශ්ලේෂණයේ මූලික ශික්ෂාවකි. මෙම සටහනෙහි වත්මන් ගෝලීය ධනවාදය තුළ ගැබ්වන ප්‍රතිවිරෝධතා කවරේදැ‘යි විමසීමේ මුලපිරීමක් අන්තර්ගත වේ.
Read Moreතෙවැනි කරුණ, වීරවංශ බඳු පිරිස් විශ්වාසය තබන දේශපාලන ව්‍යාපෘතියේ පන්තිමය ස්වභාවය යි. මේ වනවිට උත්තර ලංකා සභාගය වටා ඒකරාශී වී සිටින, බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම්වල දේශපාලන නියෝජිතයා වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව නොරහසකි. විමල් වීරවංශ තවම විස්සෝප වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරයෙන් එලැවීම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ ව්‍යාපෘතියේ පන්තිමය පසුබිම කවරක්ද? ගජමිතුරු ව්‍යාපාරික වලල්ලක්, මිලිටරිවාදී මනසින් යුක්ත ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී සමූහයක් හා ‘වියත් මග′ ලෙස සංවිධානය වූ, සංරක්ෂණවාදී අදහස්වලින් හෙබි මධ්‍යම පන්තික වෘත්තිකයන් පිරිසක් එම ව්‍යාපෘතියේ අරටුව සංයුක්ත කළේ ය. කවර හෝ ප්‍රබුද්ධ ලෝක දැක්මකින් තොර මේ පිරිස්, හුදු කෙටිකාලීන ප්‍රතිලාභයන්ගේ ප්‍රේරණය වූ ස්ථරයකි.
Read Moreඅන් කවරදාකටත් වඩා දේශපාලනිකව, පන්තිමය වශයෙන් ධ්‍රැවීකරණය වෙමින් පවතින, මෙතෙක් රට පාලනය කළ සියලු පක්ෂ හා කණ්ඩායම් එක මිටකට තබා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන මොහොතක නැවතත් “රනිල් එළවීම සඳහා” එසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත සියලු අපත රාශීන් එක්කොට “අන්තර්වාර ආණ්ඩුවක්” සෑදිය යුතු බවට ඔහු යෝජනා කළේ ය.
Read More