Category

Author: Admin

ආර්ථික

බැංකු සාදය ව්‍යාපාරිකයින්ට පමණයි. අඩු අදායම් ලාභීන්ට (මර)ණය!

මහජනයා වෙනුවෙන් ඇතිවූ බැංකු මහජනයා මඟ හැර ව්‍යාපාරිකයින්ගේ පුද්ගලික කැට වන විට යුක්තිය පසිඳලන අධිකරණය සහ නීතිය ව්‍යාපාරිකයින් රකින සාමාන්ය ජනතාව කොල්ලකන බැංකු සහ මූල්‍ය කොම්පැනි සඳහා ආරක්ෂක වළල්ලක් වී ඇත.

Read More
ආර්ථික

ඓතිහාසික බැඳුම්කර වංචාව සහ විදේශ විනිමය අර්බුදය

බැඳුම්කර වංචාව විසින් රාජ්‍ය භාණ්ඩාගාර සුරැකුම්පත් වෙළදපොළට ඇති කරන ලද කම්පනය තව නොබො දිනකින් දැකගත හැකිවෙනු ඇත. එය මූල්‍ය වෙළදපොල විපාක ඇතුළත් අපරාධයකි, එය සංසන්දනය කළ හැක්කේ ලක්ෂ සංඛ්‍යාත පොදු මහජනයා අතර මන්දපෝෂණය ඇති කරමින් ජීවනෝපායන් විනාශ කරමින් සියලු කෘෂි රසායනික තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ විසින් හිටි හැටියේ ගනු ලැබු තීරණයටයි. මෙහිදී බැඳුම්කර වංචාවට හවුල් වූ ආයතන සහ පුද්ගලයින් විසින් අත්පත් කරගත් රුපියල් බිලියන 12ක් පමණ වන සෘජු ප්‍රතිලාභයන් මගින් අපරාධයේ වපසරිය තීන්දු කළ නොහැකි අතර සමස්ථ මූල්‍ය වෙළදපොල හා සංසන්දනයේදි එම නොගැණිය හැකි තරමේ ඉතා කුඩා ප්‍රමාණයකි.

Read More
දේශපාලන

QUAD සන්ධානයේ අලුත්ම ඉත්තා ලංකාවද?

"මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තියක්" ලෙස නම් කල ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ප්‍රතිපත්තියට මහජන අනුමැතිය ලැබී වසර දෙකක් ඉක්මවී ඇත. බටහිර රටවල් විසින් "නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපය" ලෙස නම් කර ඇති භූ-දේශපාලනික කලාපයක පිහිටි ශ්‍රී ලංකාවට ගතවූ පසුගිය වසර දෙක තුල මෙම මිත්‍රශීලි සහ නොබැඳුනු විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමට හැකිවි තිබේද? නොහැකිවී තිබේද?

Read More
ජාත්‍යන්තර

රුසියානු – යුක්‍රේන අර්බුදය : යුරේසියානු ව්‍යාපෘතිය හා අධිරාජ්‍යවාදී ‘ත්‍රිත්වයේ’ ප්‍රතිපත්තිය අතර ගැටුමේ ප්‍රකාශනයක් ලෙස

වසර කීපයකට පෙර අප අතරින් සමුගත් සමීර් අමීන් යනු ඊජිප්තු ජාතික මාක්ස්වාදියෙකි. කීර්තිමත් විශ්ලේෂකයෙකි. මාක්ස්වාදය සම්බන්ධ ගෝලීය දකුණේ ආඛ්‍යානයක් වර්ධනය කිරීම සම්බන්ධව ඔහු අති මහත් සම්ප්‍රදානයක් සිදු කොට තිබේ. යුක්‍රේන රුසියානු ගැටුමේ භූ දේශපාලන පසුබිම හා රුසියාවේ දේශපාලන සැකැස්ම පිලිබඳ ඔහු මෙහිදී පල කරන අදහස්, මෙම ගැටුම තීව්‍ර වී තිබෙන වර්තමානය කියවා ගැනීම සඳහා වැදගත් වනු ඇත.

Read More
කාලීන

ඉදිරි මාස කිහිපයේ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් 4500ක රැකියා ලක්ෂ 45ක් අහිමිවෙයි?

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාර සන්ධානය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී එහි සභාපති ටාන්‍යා අබේසුන්දර ප්‍රකාශ කර තිබුණේ, නිසි ලෙස වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය 4500කට අයත් සේවකයන් ලක්ෂ 45කට ඉදිරි මාස කිහිපය තුල පාරට වැටීමට නියමිත බවයි. ඇය සදහන් කරන පරිදි සේවකයන්ට පවතින වැටුප යටතේ ජීවත්විය නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවත්, එය තමන්ටද තේරෙන බවත්, තමන් පවා ඔවුනට වැඩි වැටුපක් දීමට කැමති මුත් පවතින තත්වය තුල එසේ කළ නොකල හැකි බවයි. ඒ නිසා තම ව්‍යවසායන් ඉදිරි මාස කිහිපය තුල වැසී යා හැකි බවයි.

Read More
කලා

The Great Indian Kitchen: අගතිගාමී සමාජ දේහයට දේශපාලන ඉඳුල් පහරක්

දී ග්‍රේට් ඉන්ඩියන් කිචන් චිත්‍රපටය Joe Baby විසින් අධ්‍යක්ෂණය කළ මලයාලම් සිනමා නිර්මාණයකි. මෙම සිනමා නිර්මාණය අප මෙතෙක් දැක ඇති මලයාලම් සිනමා නිර්මානවලින් මෙන්ම පොදුවේ ආසියාතික සමාජය අලලා නිර්මාණය වන සිනමා කෘතීන්වලින් වෙසෙසා දැක්විය හැකි ප්‍රධාන කරුණු කිහිපයක්ම හඳුනා ගත හැකිය. ආකෘතික වශයෙන් නව්‍ය රසයක් ජනනය කරන චිත්‍රපටයේ දෙබස් රහිත රුප රාමු, සංකේත භාවිතය මෙන්ම අතිශය සංවේදී කරුණු තේමාත්මක වශයෙන් යොදා ගැනීම ඉන් කිහිපයකි. මේ චිත්‍රපටයට පාදක වන මූලික වස්තු විෂය වන්නේ “ගතානුගතික ඉන්දියානු පවුල, ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය, ස්ත්‍රී පුරුෂ සමාභාවීය අගතීන්ගේ යතා ස්වරුපයෙහි එක්තරා පැතිකඩකි.

Read More