නොබැඳි යනුවෙන් දේශපාලනිකව හා ආචාරධාර්මිකව අදහස් කරන්නේ කුමක්ද යන්න මේ අවස්ථාවේ අපි පැහැදිලි කර ගත යුතුයි. එහි අදහස කිසිසේත්ම මධ්‍යස්ථතාවය නෙමෙයි. ඇතන්ස් ප්‍රකාශනයේ අප සඳහන් කල ලෙසට, අප පැහැදිලිවම ආක්‍රමණයට ලක්වූ අයගේ, ආක්‍රමණයේ වින්දිතයාගේ පැත්ත ගන්නවා. මධ්‍යස්ථතාවයක් අපට එතැන දී අදාල නැහැ. එය පලස්තීනය, යේමනය, බටහිර සහරාව සහ ඔවු, යුක්‍රේනය විය හැකියි. එහෙත් ඒ වගේම, ලෝකයේ කොතැනක සිදුවූවත්, මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝණය වන විට, අප තමයි එය විවේචනය කිරීමේ ඉදිරියෙන්ම සිටිය යුත්තේ. අපගේ නව නොබැඳි ව්‍යාපාරය ඊනියා ලිබරල්වාදීන් හා ලිබටේරියන්වාදීන් අත තිබෙන නිදහස පිලිබඳ සටන් පාඨය උදුරා ගත යුතුයි ; අපගේ සහෝදරවරුන් වෙඩි තබා ඝාතනය කෙරෙන පෙරු දේශයේ සිට, ‘ස්ත්‍රිය-ජීවිතය-නිදහස' යන සටන් පාඨය ඔස්සේ නිර්භීත පිරිමින්ව මෙහෙයවමින් සිටින ඉරානයේ නිර්භීත ගැහැණුන් දක්වා සියලු දෙනාට අපගේ සහයෝගය ලබා දිය යුතු වේ. ඒත්, ඔබ කියාවි. ඉරාන ආණ්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රතිරෝධය දක්වනවා නොවේද? පැහැදිලිවම. එහෙත්, ආණ්ඩුවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ගැටුමක සිටි පමණින්, එම රටේ ජීවත් වන අපගේ සහෝදරවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බලපත්‍රයක් ලැබෙන බව අදහස් වෙන්නෙ නැහැ.
Read More2023 ජනවාරි මස ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ සම්මේලනය' නමින් අන්තර්ජාතික සම්මේලනයක් කියුබාවේ හවානා නුවර පැවැත්විණ. මීට විවිධ රටවල් නියෝජනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහභාගී වූහ. පහත පලවන්නේ එම සම්මේලනය අමතා, ග්‍රීසියේ හිටපු මුදල් ඇමති, යානිස් වරුෆාකිස් කල කථාවේ සිංහල පරිවර්තනයයි. ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' (New international economic order) යනු 1960 ගණන්වල නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් මතු කල සටන් පාඨයකි. අන්තර්ජාතික ආර්ථිකය ගෝලීය උතුරට වාසිදායක ලෙස ව්‍යුහගත වී තිබෙන බවට තර්ක කල අලුත නිදහස් වූ රටවල්, එහි පරිවර්තනයක් ඉල්ලා සිටියහ. 1974 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' සම්බන්ධ ප්‍රකාශනය සම්මත කලාය. කෙසේ වුවද, 1980 ගණන්වල මතු වූ නව ලිබරල් ගෝලීයකරණය අබියස මෙම ව්‍යායාමය පරාජය ලැබුවේය. ගෝලීය දකුණේ රටවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙසට ලෝක ආර්ථිකය වෙනස් විය යුතු බවට වූ සාකච්ඡාව පසුගිය කාලය තුල යලිත් අලුත් වටයකින් මතු වී තිබේ. හවානා නුවර පැවැති සමුලුව මෙම ව්‍යායාමයේ එක් වැදගත් අවස්ථාවකි.
Read Moreශ්‍රී ලංකාව එහි "නිදහසෙහි" සිට ම මුහුණ පෑ දරුණුම ආර්ථික අර්බුදයට දැන් ලක් වී සිටියි. මෙරට පාර්ලිමේන්තු දේශපාලනය ද අර්බුදයකට ඇද දමමින් රටේ ආර්ථික අර්බුදය දේශපාලන අවකාශයට පිටාර ගලා ඇත. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් පතුරු ගැලවී ඇත. ඉදිරියටත් එසේ වන බව පෙනෙන්නටද ඇත. මේ දේශපාලන කට්ටි ගැසීම් ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිණිස දරන හිස ගිනි ගත් වෑයමකි. එහෙත් ඒ දේශපාලන ආස්ථාන, මෙහි පවතින ආර්ථික අර්බුදයේ නාඩියට අනුකූල නොවේ. අප ඉදිරියෙහි ඇති චංචල දේශපාලන වාතාවරණයට හසුව මේ තදියම්කාර දේශපාලන සම්මුති අතු ගෑවී යනු ඇත. තවද, ඉබේ එළැවෙතැයි සිතන කෙටි කාලීන දේශපාලනය ඉදිරියෙහිදී යල් පනිනු ඇත. ඊට හේතු දෙකක් වෙයි. එක් අතෙකින්, අප රටෙහි දැන් ඇති ආර්ථික අර්බුදය කෙළි සෙල්ලමට නොගෙන ඊට මැදිහත් වීමේ පිළිවෙතක් වුවමනාය. දෙවනුව සැළැකිය යුත්තේ ලෝක ආර්ථිකය නව ප්‍රගතිශීලී සුසමාදර්ශ වෙනසකට එළැඹෙමින් ඇති බවයි.
Read More2022 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් හොන්ඩුරාස් රාජ්යයේ ජනාධිපතිනිය සියොමාරා කැස්ත්රෝ විසින් කළ කථාවේ සිංහල පරිවර්තනය පහත පල වේ. මධ්යම ඇමරිකානු රාජ්යයක් වන හොන්ඩුරාස් රාජ්යය ගෝලීය දකුණේ වෙනත් රටවල් මුහුණ දෙන ඌන සංවර්ධනය, ණයගැතිභාවය ආදී වූ ප්රශ්නවලින් බැට කන රටක් වන අතර, මෙම තත්වය වසර ගණනාවක නව ලිබරල් ප්රතිපත්ති විසින් වඩාත් උග්ර කොට තිබේ. 2022 වර්ෂයේ දී වාමගාමී ‘ජාතික විරෝධතා පෙරමුණ’ (National Resistance Front) නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග වැද ජයගත් සියොමාරා කැස්ත්රෝ දකුණු ඇමරිකාව තුල මේ වනවිට පුනර්ජීවනයට ලක්වෙමින් තිබෙන වාමාංශික හෝ වාමගාමී ආණ්ඩු ඇති වීමේ දෙවන ප්රවණතාවය - දෙවන රෝස රැල්ලට අයත් නායිකාවක ලෙස සැලකෙයි. ඇයගේ මෙම කථාව ගෝලීය දකුණේ රටවල සංවර්ධනය සඳහා නව ජාත්යන්තර ආර්ථික පර්යායක් ඇති වීමේ අවශ්යතාවය අවධාරණය කරන්නකි.
Read More