ලංකාවේ වාමගාමී සංවාදය හා දේශපාලනය ශක්තිමත් කිරීම සඳහා දායක වීම ප්‍රතිවාද වෙබ් අඩවියේ අරමුණයි. මෙම වෙබ් අඩවිය එබඳු අරමුණකින් යුක්තව කටයුතු කරන පිරිසකගේ සාමූහික උත්සාහයකි. මේ එලැඹ තිබෙන්නේ පැරණි ලෝකය වේගයෙන් බිඳ වැටෙමින් තිබෙන, අලුත් ලෝකය තවමත් නිර්මාණය වි නොමැති නිමේෂයකි. අලුත් ලෝකය මිනිසුන් අතර සමානාත්මතාවය, සහෝදරත්වය හා මානව සහයෝගීතාවය යන වටිනාකම් අනුව ගොඩනැගිය යුතු බව අපි විශ්වාස කරමු. කඩා වැටෙමින් තිබෙන නව ලිබරල් ධනවාදයට මෙන්ම වර්ගවාදය, ජාතිවාදය, පුරුෂෝත්තමවාදය ආදී වූ සකල විධි පීඩක කතිකාවන්ට එරෙහි ප්‍රගතිශීලී ප්‍රතිවාදය නිර්මාණය කිරීම සඳහා කෙරෙන සාමුහික ව්‍යායාමයකි මෙම වෙබ් අවකාශය.
පවත්නා නිශ්චිත මොහොතේ් අලුත් ලෝකයක් නිර්මාණය සඳහා පහත සටන් පාඨ හා එක්ව සිට ගැනීම මගහැර යා නොහැකි වගකීමක් ලෙස අප සාමූහිකය විශ්වාස කරමු.
ගෝලීය ධනවාදයට එරෙහි වෙමු! IMF න්‍යාය පත්‍රයට ජනතාව බිලි නොදෙනු!
ආර්ථික බලය කොල්ලකාරී ව්‍යාපාරික පන්තියෙන් මුදාගනිමු! ජනතාවාදී ආර්ථිකයක් ගොඩනගමු!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! ජනතාවට වගකියන ආණ්ඩු ක්‍රමයක් තහවුරු කරනු!
කම්කරු අයිතීන් කප්පාදුවට එරෙහිවෙමු! කම්කරුවන්ගේ සංවිධානගත වීමේ අයිතියට ගරු කරනු!
ගොවිජනතාවගේ බීජ, ඉඩම්, කෘෂි යෙදවුම් හා අලෙවිය සම්බන්ද සියළු ගැටළු විසඳනු!
සුබසාධන රාජ්‍යයට එරෙහි ප්‍රහාරය නවතනු! සියළු ජනතාවට නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට ඇති අයිතිය තහවුරු කරනු!
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල පරදවමු! වින්දිත කාන්තාවන්ට සාධාරණය ඉටු කරනු!
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු ජනතා විරෝධී මර්දන නීති හකුලා ගනු!
සියලු ජාතීන්ගේ සම අයිතිය පිලිගනු! දෙමල ජනතාව සඳහා බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඇති කරනු!
පුරුෂ මූලිකත්වයට එරෙහිවෙමු! දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සටන් වදිමු!
සමලිංගික, සංක්‍රාන්තිලිංගික ඇතුළු, වෙනස් ලිංගික නැමියාවන් සහිත ප්‍රජාවන්ගේ සමඅයිතිය තහවුරු කරනු!
පරිසර හිතවාදී සංවර්ධන රටාවක් උදෙසා සටන් වදිමු!