ආර්ථිකය අර්බුදයක ඇති බවත්, එයින් ගොඩයාමට සැබෑ ආර්ථික පරිවර්තයක් අවශ්‍ය බවත්, නව කාර්මීකරණයකට යොමු වූ නිෂ්පාදන ආර්ථික දැක්මක අවශ්‍යතාව හා නිෂ්පාදන ආර්ථිකයක් යනු කුමක්ද යන්න පිලිබඳවත් විවිද කතා බහ නිර්මාණය වී ඇති පරිසරයක, ඒ පිලිබඳ යම් විග්‍රහයක් කිරීමත් එම තත්වයන් හමුවේ ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්මේ මුලික හරය කුමක්ද යන්නත් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.
Read Moreමුදල්, එහි ක්‍රියාකාරීත්වය, මායාකාරී ප්රාග්ධනය ආර්ථිකය හා බැදී ඇති ආකාරය පිලිබඳ මූලික විග්‍රහයක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මුදල් යනු කුමක්ද? සරලව එය වෙළඳාමට අදාළව භාණ්ඩ හා සේවා හුවමාරු මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි වුවද වර්තමානය වන විට එය වෙළඳ භාණ්ඩයක් (Commodity) ලෙසද ක්‍රියා කරයි. මුදල් භාවිත කිරීම සඳහා ගෙවන මිල පොලියයි (Interest). අතීතයේදී රත්තරන්, රිදී හා වෙනත් ලෝහ වර්ග මුදල් ලෙස භාවිත කළ අතර අද වන විට තාක්ෂණය විසින් හසුරවන අත්යතය (virtual/digital currencies) මුදල් දක්වා එය වර්ධනය වී ඇත. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් ඒවා විවිධ වෙළඳපළවල් හරහා බෙදාහැරීමේ ක්‍රියාවලියත් ආර්ථිකයක් සරලව නිර්වචනය කල හැක. මූලික අවධියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් අවශ්‍ය වූයේ නැත. ශ්‍රමය මූලික කරගෙන පළමුවෙන් නිෂ්පාදනය සිදු වූ අතර නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේපළ හිමියන් හා හාමු පුතුන් අතට පත්විය.
Read Moreනොබැඳි යනුවෙන් දේශපාලනිකව හා ආචාරධාර්මිකව අදහස් කරන්නේ කුමක්ද යන්න මේ අවස්ථාවේ අපි පැහැදිලි කර ගත යුතුයි. එහි අදහස කිසිසේත්ම මධ්‍යස්ථතාවය නෙමෙයි. ඇතන්ස් ප්රකාශනයේ අප සඳහන් කල ලෙසට, අප පැහැදිලිවම ආක්‍රමණයට ලක්වූ අයගේ, ආක්රමණයේ වින්දිතයාගේ පැත්ත ගන්නවා. මධ්‍යස්ථතාවයක් අපට එතැන දී අදාල නැහැ. එය පලස්තීනය, යේමනය, බටහිර සහරාව සහ ඔවු, යුක්රේනය විය හැකියි. එහෙත් ඒ වගේම, ලෝකයේ කොතැනක සිදුවූවත්, මිනිස් අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රීය අයිතීන් උල්ලංඝණය වන විට, අප තමයි එය විවේචනය කිරීමේ ඉදිරියෙන්ම සිටිය යුත්තේ. අපගේ නව නොබැඳි ව්‍යාපාරය ඊනියා ලිබරල්වාදීන් හා ලිබටේරියන්වාදීන් අත තිබෙන නිදහස පිලිබඳ සටන් පාඨය උදුරා ගත යුතුයි ; අපගේ සහෝදරවරුන් වෙඩි තබා ඝාතනය කෙරෙන පෙරු දේශයේ සිට, ‘ස්ත්‍රිය-ජීවිතය-නිදහස' යන සටන් පාඨය ඔස්සේ නිර්භීත පිරිමින්ව මෙහෙයවමින් සිටින ඉරානයේ නිර්භීත ගැහැණුන් දක්වා සියලු දෙනාට අපගේ සහයෝගය ලබා දිය යුතු වේ. ඒත්, ඔබ කියාවි. ඉරාන ආණ්ඩුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රතිරෝධය දක්වනවා නොවේද? පැහැදිලිවම. එහෙත්, ආණ්ඩුවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ගැටුමක සිටි පමණින්, එම රටේ ජීවත් වන අපගේ සහෝදරවරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට බලපත්‍රයක් ලැබෙන බව අදහස් වෙන්නෙ නැහැ.
Read More2023 ජනවාරි මස ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ සම්මේලනය' නමින් අන්තර්ජාතික සම්මේලනයක් කියුබාවේ හවානා නුවර පැවැත්විණ. මීට විවිධ රටවල් නියෝජනය කරමින්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් සහභාගී වූහ. පහත පලවන්නේ එම සම්මේලනය අමතා, ග්‍රීසියේ හිටපු මුදල් ඇමති, යානිස් වරුෆාකිස් කල කථාවේ සිංහල පරිවර්තනයයි. ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' (New international economic order) යනු 1960 ගණන්වල නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය විසින් මතු කල සටන් පාඨයකි. අන්තර්ජාතික ආර්ථිකය ගෝලීය උතුරට වාසිදායක ලෙස ව්‍යුහගත වී තිබෙන බවට තර්ක කල අලුත නිදහස් වූ රටවල්, එහි පරිවර්තනයක් ඉල්ලා සිටියහ. 1974 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ‘නව අන්තර්ජාතික ආර්ථික පර්යාය' සම්බන්ධ ප්රකාශනය සම්මත කලාය. කෙසේ වුවද, 1980 ගණන්වල මතු වූ නව ලිබරල් ගෝලීයකරණය අබියස මෙම ව්‍යායාමය පරාජය ලැබුවේය. ගෝලීය දකුණේ රටවලට සාධාරණයක් ඉෂ්ට වන ලෙසට ලෝක ආර්ථිකය වෙනස් විය යුතු බවට වූ සාකච්ඡාව පසුගිය කාලය තුල යලිත් අලුත් වටයකින් මතු වී තිබේ. හවානා නුවර පැවැති සමුලුව මෙම ව්‍යායාමයේ එක් වැදගත් අවස්ථාවකි.
Read Moreමේ වනවිට දක්නට ලැබෙන තත්වය අනුව, බොහෝ විට වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවට උපකල්පනය කළ හැක. මෙම පසුබිම තුල, විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර තීව්ර ගැටුමක් නිර්මාණය වෙමින් තිබෙන ආකාරයක් දැකගැනීමට පුලුවන. සමගි ජන බලවේගය විසින්, විශේෂයෙන් එහි ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ඩි සිල්වා හා එරාන් වික්‍රමරත්න වැනි අයගේ පාර්ශවයෙන් මේ වනවිට ජාතික ජන බලවේගයට එරෙහි දැඩි ප්‍රහාරයක් දියත් වෙමින් පවතී. මෙම වාග් ප්‍රහාරයේ දැකිය හැකි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ‘සමාජවාදය’, ‘මාක්ස්වාදය’ ආදිය ගැන කෙරෙන සැඳහුම් කිරීම්ය. පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළ හර්ෂ ඩි සිල්වා ප්‍රකාශ කලේ ඔවුන්ට විවාද කල නොහැකි නම්, මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ පින්තූර තුනක් සමග ගාලු මුවදොර පිටියේ විවාදයක් කිරීමට සජබ ආර්ථික කමිටුවේ සාමාජිකයන් තිදෙනා සූදානම් බවයි. මෙම ප්‍රහාරය සමග සෝවියට් සංගමය බිඳ වැටීම සහ චීනය වෙලඳපොල ආර්ථික ප්‍රතිසංස්කරණ දියත් කිරීම සමාජවාදයේ අසාර්ථකත්වය පෙන්වන සංසිද්ධීන් ලෙස පෙන්වා දෙනු ලැබේ. මේ සියල්ල යට තිබෙන හැගවුම නම්, ජාතික ජන බලවේගය සෝවියට් සමාජවාදී ආකෘතිය තුල සිර වී සිටින බවත්, නූතන ලෝකය තුල ආණ්ඩුකරනය සඳහා නුසුදුසු බවත් කියා පෑමය.
Read More